Handloom සහ බතික් ගන්න අපේම තැනක් ඕස්ට්‍රේලියාවෙත්

  • Home
  • /
  • Blog
  • /
  • Handloom සහ බතික් ගන්න අපේම තැනක් ඕස්ට්‍රේලියාවෙත්

අත්යන්ත්‍ර (Handloom) සහ බතික් ඇඳුම් කියන්නේ ශ්‍රී ලාංකිකයන් අතර ඉතාම සුවිශේෂී රෙදිපිළි සම්ප්‍රදායන්. මේවායේ අද්විතීය මෝස්තර සහ ශිල්පීය හැකියාවන් නිසා මෙන්ම කල්පවත්නා ගුණය නිසාද Handloom සහ බතික් නිර්මාණ ලොව පුරා ප්‍රසිද්ධයි. 

අත්යන්ත්‍ර, එහෙමත් නැත්නම් Handloom කියන්නේ අතින් ක්‍රියාත්මක කරන යන්ත්‍ර භාවිත කරලා වියන ලද රෙදි වන අතර එමඟින් සංකීර්ණ රටා සහ විචිත්‍රවත් වර්ණ සහිත අද්විතීය, කල් පවතින රෙදිපිළි නිෂ්පාදනය කෙරෙනවා. බතික් යනු රෙදිපිළි මත සංකීර්ණ මෝස්තර නිර්මාණය කිරීමට භාවිතා කරන ඩයි කිරීමේ තාක්ෂණයක්. මෙම වර්ණ ගැන්වීමේදී රෙදිපිළි මත විවිධ චිත්‍ර සහ හැඩතල මතු කර ගන්න ඉටි භාවිත කරනවා. 

මෙම අත්යන්ත්‍ර සහ බතික් නිෂ්පාදන සම්පූර්ණයෙන්ම තිරසාර වන අතර පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වලින් සාදා තිබීමත් විශේෂත්වයක්. ඒ වගේම මේ ඇඳුම් Summer එකට වගේම Winter එකටත්, දවසේ ඕනෑම අවස්ථාවක සහ ඕනෑම වේලාවක ඇඳීමටත් සුදුසුයි. 

ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාටත් මේ ලස්සන Handloom සහ බතික් ඇඳුම් මිලදී ගන්න පුළුවන් තැනක් ගැනත් කියන්නම්. මේ තැන තමයි Ivory Handloom (IVORY FASHION HOUSE). මෙතනින් ඔයාට පුළුවන් ඕනෑම වයසක ඉන්න කාන්තා පිරිමි ඕනෑම කෙනෙක්ට ගැලපෙන වටිනා Handloom සහ බතික් ඇඳුම් මිලදී ගන්න.

Handloom ලුන්ගි, ලිනන් කලිසම්, Silk සාරි, Handloom සාරි, විවිධ මෝස්තරයේ සාය, බතික් ගවුම්, ළමා සහ වැඩිහිටි බතික් සරම්, ළමා සාරි, ළමා සහ වැඩිහිටි ජාතික ඇඳුම්, handloom සහ බතික් shirts ඇතුළු විවිධ වර්ණ සහ මෝස්තරයන්ගෙන් යුත් ඇඳුම් රැසක් රටේ ඕනෑම තැනක ඉන්න ඔබට IVORY FASHION HOUSE වෙතින් මිලදී ගන්න පුළුවන්. 

වැඩි විස්තර දැනගන්න:

Facebook: https://www.facebook.com/ivoryhandloom/ 

Tel: +61 435 432 277

Address: 191 Greens Rd, Dandenong South VIC 3175, Australia 

Don't forget to share this post!

Recent Posts

licensed-image (2)
July 3, 2025