මෝටර් රථයක් පැදවීමේ සංකීර්ණ කාර්යය භාර ගැනීමට රියදුරන්ට හොඳ පෙනීමක්, ශාරීරික යෝග්‍යතාවක් සහ සංජානන ධාරිතාවක් අවශ්‍ය වේ. එබැවින් මාර්ග භාවිතා කරන ඕස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රියදුරු සෞඛ්‍යය සහ රිය පැදවීමට සුදුසු යෝග්‍යතාවයක් තිබීම වැදගත් සාධකයකි.
ජාතික රියදුරු වෛද්‍ය ප්‍රමිතීන්, Assessing Fitness to Drive (AFTD) මගින් ආරක්ෂිත රිය පැදවීමක් සඳහා අවශ්‍ය වන සලකා බැලීම් සහ වෛද්‍ය නිර්ණායක පැහැදිලිව දක්වා ඇත.
රිය පැදවීමට බලපාන බවට හඳුනාගෙන ඇති තත්වයන්
- Blackouts (හදිසි සිහි නැති වීම්)
- Cardiovascular conditions (හෘද වාහිනී රෝග)
- Diabetes mellitus (දියවැඩියාව)
- Hearing loss and deafness (ශ්‍රවණාබාධ සහ බිහිරි බව)
- Musculoskeletal conditions (මාංශ පේශි සහ අස්ථි රෝග)
- Neurological conditions (ස්නායු රෝග)
- Psychiatric conditions (ස්නායු රෝග)
- Sleep disorders (නින්ද සම්බන්ධ රෝග)
- Substance misuse (අනිසි ලෙස මත්ද්‍රව්‍ය භාවිතය)
- Vision and eye disorders (දෘශ්‍ය සහ අක්ෂි ආබාධ)
විශේෂ සෞඛ්‍ය තත්වයන් ඇති රියදුරන් සඳහා අවශ්‍ය මගපෙන්වීම් මෙන්ම ඔවුන් කළමනාකරණය සඳහා ද AFTD මගින් මග පෙන්වන අතර එනිසා එම රියදුරන් විසින් රිය පැදවීම ආරක්‍ෂිත ලෙස පිළිගැනෙන තාක් කල් ඔවුන්ට රිය පැදවීම දිගටම කරගෙන යා හැකිය.
සෞඛ්‍ය වෘත්තිකයන් විසින්, ආරක්ෂිතව රිය පැදවීමේ හැකියාවට බලපාන සෞඛ්‍ය තත්වයන් ඇති රෝගීන් තක්සේරු කිරීමට සහ කළමනාකරණය කිරීමට විවිධ ප්‍රමිතීන් භාවිතා කරයි. මෙම තක්සේරු කිරීම් සහ ප්‍රමිතීන් සමගම රියදුරු බලපත්‍ර ලබා දීම පිළිබඳ රියදුරු බලපත්‍ර අධිකාරියේ තීරණ ද දැනුම් දෙයි. රාජකාරි සඳහා වාණිජ වාහන පදවන රියදුරන්ගේ යෝග්‍යතාවය නිරීක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ද ප්‍රමිතීන් වඩාත් පුළුල් ලෙස යොදනු ලැබේ.
ඔබේ ගමන ඔබටත් අන් අයටත් වඩාත් ආරක්‍ෂිත කිරීමට මේ සියල්ල පිලිබඳ පැහැදිලි අවබෝධයෙන් සිටීම වඩාත් වැදගත් වේ.