සියලුම ඕස්ට්‍රේලියානුවන්ගෙන් අඩක් පමණ ඔවුන්ගේ ජීවිත කාලය තුළ යම් කිසි අවධියක මානසික සෞඛ්‍ය තත්වයක් අත්විඳිනු ඇති අතර, එබැවින් මනෝචිකිත්සකවරුන් සඳහා ඇති ඉල්ලුම ඉහළ ය. වර්ධනය වන මානසික සෞඛ්‍ය පිලිබඳ දැනුවත්භාවය, විශේෂඥ සත්කාර සඳහා යොමු වීම වැඩි වීමට හේතු වී තිබේ.
පවතින හිඟය පිරවීමට රජයන්, සේවා සපයන්නන් සහ අධ්‍යාපන ආයතන එක්ව වඩාත් දක්ෂ සේවකයින් ආකර්ෂණය කර ගැනීමට, පුහුණු කිරීමට, සහ අවශ්‍ය අනෙකුත් සහාය ලබා දීමට කටයුතු කරමින් සිටියි.
Department of Health, Disability and Ageing විසින් නිකුත් කරන ලද මනෝචිකිත්සක සැපයුම් සහ ඉල්ලුම අධ්‍යයනයෙන් ද පෙන්නුම් කරන්නේ ඕස්ට්‍රේලියාවේ මනෝචිකිත්සකයින්ගේ හිඟයක් පවතින බවයි. එම දෙපාර්තමේන්තුවට අනුව මනෝචිකිත්සක සේවා සඳහා ප්‍රජා ඉල්ලුම ඉදිරි වසර 25 තුළ සැපයුමට වඩා බෙහෙවින් වැඩි වනු ඇති බවත්, 2048 වන විට මනෝචිකිත්සකයින්ගේ හිඟය 20.7% ක් වනු ඇතැයි ද පුරෝකථනය කර ඇත. මෙම හිඟය සියලුම ප්‍රාන්ත සහ ප්‍රදේශ පුරා පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත.
මනෝචිකිත්සකවරුන් සඳහා ඇති ඉල්ලුම ඉහළ මට්ටමක පැවතුනද, ඕස්ට්‍රේලියාවේ සමස්ත රැකියා වෙළඳපොළ තුළ තවදුරටත් ඉහළ යාමක් පෙන්නුම් කරන්නේ නැත. මැයි මාසය තුළ සමස්ත රට තුළ රැකියා දැන්වීම් 2.8% කින් පහළ ගොස් තිබුණි.
ඔබත් මනෝ විද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධ උනන්දුවක් දක්වන සහ ඒ පිළිබඳ අධ්‍යයනය කරන කෙනෙක්නම් ඉදිරියේදී ඔබට පුළුල් අවස්ථා හිමි වනු ඇත.