අපි හැමෝම වගේ පොඩි කාලේ ඉදලම ආසම කෑමක් එහෙමත් නැත්තන් ව්‍යංජනයක් තමයි පරිප්පු ව්‍යංජනය. ඉතින් අපි පරිප්පු විවිධ විවිධ ආකාරයට උයාගෙන කැමති. අපි අද මේ පරිප්පු වෙනස් ආකාරයක රසයක් එක් කරන්නයි හදන්නේ. අපි දැන් බලමු මේ රසම රස වෙනස කොහොමද හදන්නේ කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
තම්බපු බිත්තර – 04
පරිප්පු – 150g
ලොකු ළුණු – 01
සුදු ළුණු බික් – 05
කරපිංචා
අමු මිරිස් – 02
මිරිස් කුඩු – තේ හැඳි 02
තුන පහ කුඩු – තේ හැඳි 02
රස පදමට ලුනු
කහ කුඩු – තේ හැඳි 01
වියළි මිරිස් – 02
පොල් තෙල් – මේස හැඳි 02
අබ කුඩු – තේ හැඳි 1/2
උළු හාල් – තේ හැඳි 1/2
කුරුඳු
වතුර
සාදන ක්‍රමය
සෝදා ගත්ත පරිප්පු ටික පරිප්පු පිසගැනීමට සුදුසු පෑන් එකකට දාලා ඒකටම කපා ගත්ත ළුණුයි, සුදු ළුණුයි, කරපිංචයි, අමු මිරිසුයි දාන්න.ළුණු වලින් ටිකකුයි සුදු ළුණු වලින් ටිකකුයි පරිප්පු ටික තෙල් දානකොට අර ගන්න ඉතුරු කර ගන්න.දැන් මේකට මිරිස් කුඩුයි, කහ කුඩුයි, ලුණුයි, තුනපහ කුඩුයි, උළු හාල් ටිකයි එකතු කරගෙන පරිප්පු ටික තැම්බෙන්න ඇති ගානට වතුර දාලා පරිප්පු ටික පිසඟන්න. පරිප්පු ටික හොඳටම ඉදුනාට පස්සේ ලිප ඔෆ් කර ගන්න.
දැන් තම්බා ගත්ත බිත්තර වලට කහ ටික අත ගා ගන්න.පෑන් එකකට තෙල් ටිකක් රත් කරලා මේ බිත්තර ටික ඒකට දාලා ටිකක් වෙලා බැද ගන්න.දැන් බිත්තර ටික පෑන් එකෙන් අයින් කරලා මේ තෙල් එකටම අබ ඇට ටිකක් දා ගන්න.අබ ඇට පුපුරනකොට කුරුදු පොතු ටිකයි, කරපින්චයි, කපා ඉතිරි කරගත් ළුණුයි, සුදු ළුණුයි, වියළි මිරිසුයි දා ගන්න.මේ ටික ටිකක් වෙලා බැදීගෙන එනකොට උයා ගත්ත පරිප්පු ටික දාලා කලවම් කරන්න.ඊළගට බිත්තර ටික වෙන් වෙන්නේ නැති වෙන්න මැදින් ටිකක් කපලා පරිප්පු එකටම දා ගන්න.බිත්තර දැම්මාට පස්සේ තවත් විනාඩි 2-3ක් පරිප්පු එක පිසඟෙන ලිපෙන් බාගන්න. දැන් රස බලන්න