අසනීප වෙලත් Drive කරන අයට දඩ නොකා බේරෙන හැටි

  • Home
  • /
  • Blog
  • /
  • අසනීප වෙලත් Drive කරන අයට දඩ නොකා බේරෙන හැටි

රිය පැදවීම අවධානම් කරන රෝග පිළිබදව අපි පසුගිය සතියේ කතා කළා. අද කියන්න හදන්නේ ඔබටත් රිය පැදවීම අවධානම් කරන රෝගී තත්වයක් තියනවනම්, රියදුරෙකු වශයෙන් ඔබේ කාර්යභාරය සහ වගකීම් වගේම අදාළ නීති රීති ගැන.

සියලුම රියදුරන්, ආරක්ෂිතව රිය පැදවීමට බලපාන ඕනෑම දිගු කාලීන හෝ ස්ථිර තුවාලයක්, අසනීපයක්, ආබාධිතභාවයක් ඇත්නම් හෝ වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා ගන්නවානම්, ඒ පිළිබඳව අදාළ රියදුරු බලපත්‍ර අධිකාරියට දැනුම් දිය යුතු බව නීති මගින් නියම කරල තිබෙනවා. මෙය සියලුම ප්‍රාන්ත සහ ප්‍රදේශ සඳහා අදාළයි.

රියදුරු බලපත්‍රයක් අයදුම් කිරීමේදී සහ අලුත් කිරීමේදී, දියවැඩියාව, අපස්මාරය හෝ හෘද වාහිනී රෝග වැනි දිගු කාලීන රෝග තත්වයන් තිබේද යන්න ඇතුළුව, ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබඳ ප්‍රකාශයක් සම්පූර්ණ කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ විදිහට ලබා ගන්නා තොරතුරු මත පදනම්ව, රියදුරු බලපත්‍ර අධිකාරිය, රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට රියදුරු යෝග්‍යද කියන දේ තහවුරු කරගන්න වෛද්‍ය පරීක්ෂණයක් නියම කරනවා. මෙලෙස කෙරෙන වෛද්‍ය පරීක්ෂණ වලදී, තම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව අසන ඕනෑම ප්‍රශ්නයකට සත්‍ය ප්‍රතිචාර දැක්වීම රියදුරන්ගේ යුතුකමක්. මොකද, මේ සෑම නීතියකින්ම අපේක්ෂා කරන්නේ ඔබගේ වගේම මාර්ගයේ ගමන් ගන්න සියලුම දෙනාගේ ආරක්ෂාව නිසා.

විවිධ ප්‍රාන්ත සහ ප්‍රදේශ අතර මෙම නීතිවල යම් යම් වෙනස්කම් ඇති අතර එම නිසා රියදුරන් වගේම සෞඛ්‍ය වෘත්තිකයන් ද තම අධිකරණ බල ප්‍රදේශයට අදාළ නිශ්චිත වාර්තාකරණ අවශ්‍යතා පිළිබඳව දැනුවත් වීම වැදගත්. මේ පිලිබඳ විස්තර ඔබට අදාළ රියදුරු බලපත්‍ර අධිකාරිය අමතා ලබා ගන්න පුළුවන්. මෙම නීති මගින් අදාළ තත්ත්ව වාර්තා කිරීමට අපොහොසත් වන පාර්ශව සඳහා දඬුවම් නියම කළ හැකියි. 

ආරක්ෂිත රිය පැදවීමට අහිතකර ලෙස බලපාන තත්වයක් ඇති බව දැන දැනත් රිය පැදවීම දිගටම කරගෙන ගියහොත් පොදු නීතියට අනුව එම රියදුරන් ඊට වගකිව යුතු වෙනවා. දිගු කාලීන අසනීප, ආබාධ, වෛද්‍ය තත්වයන් හෝ තුවාලයක් වැනි රිය පැදවීමට බලපාන ඕනෑම දෙයක් අදාළ රියදුරු බලපත්‍ර අධිකාරියට වාර්තා කිරීමට අපොහොසත් වුවහොත් දිගු කාලීන මූල්‍ය, රක්ෂණ සහ නීතිමය ගැටළු ඇති විය හැකි බැවින් ඔබත් එවැනි සෞඛ්‍ය තත්වයකින් පසු වන්නේ නම් අදාළ අංශ වෙත දැනුම් දීමට කටයුතු කරන්න. ඔබෙත් අන් අයගෙත් ආරක්ෂාව සඳහා නිසි පරිදි නීති පිළිපදින්න.

මෙලෙස තත්වයන් වාර්තා කල යුතු අවස්ථා සහ අදාළ නීති තත්වයන් රියදුරන්ට මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ට අදාලව ද වෙන වෙනම දක්වා තිබෙනවා. මෙම නීති කඩ කරන පුද්ගලයන්ට අදාලව විවිධ ප්‍රාන්ත හා ප්‍රදේශ වලින් තරමක් වෙනස් නීතිමය ක්‍රියාමාර්ග ගැනෙනවා. බොහෝ විට මීට අදාලව දඩ මුදල් ආදිය ගෙවීමට ඔබට සිදු විය හැකියි. එක් එක් ප්‍රාන්ත හා ප්‍රදේශ වලට අනුව විශේෂ සෞඛ්‍ය තත්ත්ව දැනුම් දීමට අදාළ නීති නිවැරදිව දැනගැනීමට:

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025