ලොවක් කැමති හොඳම apple වර්ග 5ක්

  • Home
  • /
  • Blog
  • /
  • ලොවක් කැමති හොඳම apple වර්ග 5ක්

මේ කියන්නේ ලෝකයේ ප්‍රසිද්දම apple වර්ග 5ක් ගැන. මේවායින් බොහොමයක් ඔස්ට්‍රේලියානු apple ප්‍රභේද වීමත් විශේෂයි.

Cripps Pink apples

Cripps Pink කියන්නේ ඕස්ට්‍රේලියානු ඇපල් ප්‍රභේදයක්. මෙම ඇපල් වර්ගය නැවුම්ව ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. එවිට වඩා වැඩි පැණිරසක් තිබෙනවා. Cripps Pink apples සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ වගා කළද, ඒවා කැනඩාව, චිලී, බ්‍රසීලය සහ එක්සත් ජනපදය වැනි අනෙකුත් රටවල ද සොයාගන්න පුළුවන්.

Granny Smith apples

මේ ලෝක ප්‍රසිද්ධ කොළ පැහැ ඇපල් ඇත්ත වශයෙන්ම ඕස්ට්‍රේලියානු සම්භවයක් ඇති වර්ගයක්. මෙම අපල වර්ගය සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ Granny Smith හටයි. එහි අවේනික ඇඹුල් රසය බොහෝ දෙනා අතර ජනප්‍රිය වීමට හේතුවක් වෙනවා. අමු Granny Smith apples චීස් සමග වඩාත් හොඳ රසයක් ලබා දෙනවා. මෙම අපල වර්ගය බොහෝ විට  pies, cobblers, cakes, muffins, සහ tart වර්ග සෑදීමට භාවිත කරනවා.

Gala Apple

Gala apple (සාමාන්‍යයෙන්) වටකුරු හැඩැති ඇපල් වර්ගයක් වන අතර ඒවායේ රතු-කහ පැහැය ක් ගනියි. මෙම ඇපල් වර්ගයේ ආවේනික මල් සුවඳක් ඇත. මෙම වර්ගය ඇපල් 1934 දී නවසීලන්තයේදී  J.H. Kidd නම් පළතුරු වතු වගාකරුවෙකු විසින් සොයා ගන්නා ලදී. අද වන විට ගාලා ඇපල් නැවුම්ව පළතුරක් ලෙස මෙන්ම, සලාද සහ සෝස් වශයෙන්ද භාවිතා වේ.

Red Delicious apples

Red Delicious apples යනු ලොව වඩාත් සුලභ ඇපල් ප්‍රභේදයක් වන අතර එය 1880 දී සොයා ගන්නා ලදී. ඒවාට දීප්තිමත් රතු පැහැයක්, සහ උස කේතුකාකාර හැඩයක් ඇත. රසය පැණිරසයි. ඒ වගේම ඉතා මෘදුයි. ඉදුණු කොමඩු රසයට සමාන රසයක් ද තිබෙනවා. මෙම ඇපල් වර්ගය සලාද වර්ග සඳහා වඩාත් ගැලපෙනවා.

Candied Apples

ජෙලි ඇපල්, ටොෆි ඇපල් ලෙසද හැඳින්වෙනවා.

දිලිසෙන, රතු පැහැයක් සහ පැණිරස පලතුරු වර්ගයක්. Candied Apples චීනයේ, ජනප්‍රිය වීදි ආහාරයක් වන අතර, එංගලන්තයේ, ඒවා Guy Fawkes දිනයේදී පරිභෝජනය කරන සාම්ප්‍රදායික කෑමක්.

Don't forget to share this post!

Recent Posts

dansal - 01
July 7, 2025