ඉන්දුනීසියාවේ ගිනිකොනදිග සුලවේසි දිවයිනේ දකුණු බුටන් දිස්ත්‍රික්කයේ වතුයායක සිටි 63 හැවිරිදි ගොවියෙකුගේ මළ සිරුරක් විශාල පිඹුරෙකුගේ උදරය තුළින් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වතුයෙහි වැඩ කරමින් සිටි මෙම පුද්ගලයා එකවරම අතුරුදන් වී ඇති අතර නිවැසියන් වතුයායේ පොරබදමින් සිටින අතිවිශාල පිඹුරෙකු දැක ඇත. අනතුරකට හසු වූවා සේ හැඟුණු පසු ඒ පිඹුරා ගැන සැකයට පත්වූ නිවැසියන් ඒම සත්වයා මරා දමා, පසුව එහි උදරය කපා බැලීමේදී, අතුරුදන් වූ ගොවියාගේ මළ සිරුර එම පිඹුරාගේ උදරය තුළ තිබී සොයාගත් බව වාර්තා වෙයි. මෙම පිඹුරාගේ දිග මීටර් 8ක් ලෙස සඳහන් වේ.
Image credit goes to: en.wikipedia.org