Melbourne වල තියෙන Bell ගැහුවොත් දඩ ගහන Sri Lankan Restaurant එක

  • Home
  • /
  • Blog
  • /
  • Melbourne වල තියෙන Bell ගැහුවොත් දඩ ගහන Sri Lankan Restaurant එක

ශ්‍රී ලංකාවේ ආහාර කලාව Melbourne වෙත අරගෙන ආපු තවත් restaurant එකක් ගැන තමයි මේ කියන්න හදන්නේ. වසර 8 කට පෙර මෙලෙස ආරම්භ වූ “Hopper Joint” මේ වන විට ආසන 80කින් යුත් විශාල ආපනශාලාවක්. මෙහි එන ඔබට රසවත් ආප්ප ඇතුළු තවත් බොහෝ ආහාර රස විඳින්න පුළුවන්.

Hopper Joint වෙත ගියොත් එහි කෑම බීම වල පමණක් නෙවෙයි ගෘහ භාණ්ඩ වල සහ විදුලි පහන් වල පවා ශ්‍රී ලාංකිකත්වයක් ගැබ් වී ඇති ආකාරය දැකගන්න පුළුවන් වේවි. Bremi සහ Jones විසින් නිර්මාණය කරන ලද මෙම restaurant එක, ජෙෆ්රි බාවාගේ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම වලින් පෝෂණය වෙලා තියෙනවා. ශ්‍රී ලාංකික ආරයට සාදන ලද වේවැල් පුටු වල සිට ලංකාවෙන් ගෙනා පෞරාණික පහන් කූඩු සහ ලිනන් සර්වියට් දක්වා සෑම දෙයකම, මහා සාගරය හරහා මෙහි ගෙන ආ ශ්‍රී ලාංකිකත්වය ගැබ්ව තිබෙනවා.

Ronith Victor Arlikatti ගේ ප්‍රධානත්වයෙන් යුත් Hopper Joint හි විවෘත මුළුතැන්ගෙයින් පරම්පරා ගණනාවක් පුරා පැවත එන පවුලේ වට්ටෝරු වලට අනුව සැකසූ ආප්ප, විවිධ ව්‍යංජන, සම්බෝල සහ අතුරුපස රාශියක් රස විඳින්න පුළුවන්. ඒ සෑම රසයක්ම ඔබගේ පවුලේ, සිනහවන් සහ ආදරය පිළිබඳ අතීත මතකයන් අවදි කරාවි.

මෙහි විවෘත මුළුතැන්ගෙය, ආප්ප සෑදීමේ කලාත්මක බව සමීපව දැක ගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට අවස්ථාව ලබා දෙනවා. මෙහි යන ඔබට මේස මත තිබෙන පෞරාණික පිත්තල සීනුව නාද කරලා කෑම ඇනවුම් කරන්න පුළුවන්. මේ restaurant එකේ තවත් අමුතු වැඩක් වෙනවා. ඒ තමයි මේ මේස උඩ තියන සීනුව හේතුවක් නැතුව නාද කලොත් දඩ ගහනවා. ඉතින් ඔයත් මේ bell එක හේතුවක් නැතුව නාද කලොත් ඔයාටත් $2 ක දඩයක් ගෙවන්න සිද්ද වෙනවා. මේ විදිහට ගන්න මුදල් එයාල ළමයින් සඳහා වන charity එකකට තමයි යොදවන්නේ.

Hopper Joint හි menu එක ගැන කතා කලොත් Cocktails, Mocktails, Wines, Short eats, Traditional hopper set ඇතුළු කෑම ගොඩක් තිබෙනවා. ඒ වගේම ඔබේ දරුවන් සඳහා වෙනම Kids menu එකකුත් තියෙනවා. 

මෙහෙ ගොඩක්ම ප්‍රසිද්ධ Traditional hopper set එකේදී එක් අයෙක්ට බිත්තර ආප්ප එකක් සමඟ ඇති තරම් ආප්ප අරගන්න පුළුවන්. ඒකත් එක්ක ඔයාට curries 2ක් තෝරාගන්න ලැබෙනවා. මේ curries අතරට Jaffna spiced chicken Thigh, Beef, Black Pork, Kiri Malu Fish Curry, Blackened Pineapple, Prawns ඇතුළු curries 8ක් ඇතුලත්. ඒ වගේම සීනි සම්බෝල, පොල් සම්බෝල, රයිතා ඇතුළු sides ගොඩකුත් තියෙනවා.

එයාලගේ short eats අතරත් ඉඩ්ලි, රසම්, පරිප්පු වඩේ, අන්නාසි අච්චාරු, අල බොන්ඩා, පෑන් රෝල් වගේ අපි හැමෝම කැමති ශ්‍රී ලාංකික ආහාර ගොඩක් දැකගන්න පුළුවන්. මේවාට අමතරව තවත් dessert වර්ග ගොඩක්, ඕස්ට්‍රේලියානුවන් අතර ගොඩක් ප්‍රසිද්ධ Sri Lankan Crab Curry, මුරුක්කු වර්ග ඇතුළු විවිධාකාර ශ්‍රී ලාංකික කෑම වර්ග ඇතුලත්. ඒ වගේම ඔබේ ආදරණීයන්ට දෙන්න eGift card $50 සිට අරගන්න පුළුවන්. 

ඉතින් ශ්‍රී ලාංකික ආහාර රසයට ආදරය කරන ඔයත්, ලස්සන ලාංකික වටපිටාවක සිට රසවත් කෑම වේලක් රස විඳින්න අනිවාර්යයෙන්ම එන්න ඕන තැනක් තමයි මේ Hopper Joint.

Contact: (03) 99893159

E-mail: hello@hopperjointmelbourne.com.au 

Address: 157 Greville Street, Prahran VIC 3181

Web: https://www.hopperjointmelbourne.com.au/

Don't forget to share this post!

Recent Posts

482931508_18065962327900887_2552389247722798336_n
July 8, 2025