හිත හිත ඉන්න වෙලාවක් නෑ – විද්‍යාඥයින් විශ්වයේ අවසාන දිනය හෙළි කරයි

  • Home
  • /
  • Blog
  • /
  • හිත හිත ඉන්න වෙලාවක් නෑ – විද්‍යාඥයින් විශ්වයේ අවසාන දිනය හෙළි කරයි

මේ විශ්වයේ අවසානය සිදු වීමට තවත් තිබෙන්නේ අවුරුදු බිලියන 20ක් පමණයි.

විද්‍යාඥයින් විසින් කරන ලද නවතම හෙළිදරව්වකට අනුව මේ නිරන්තරයෙන් ප්‍රසාරණය වෙමින් පවතින විශ්වය වසර බිලියන 7කින් හැකිලීමට පටන් ගන්නවා. Cornell University, Shanghai Jiao Tong University, සහ අනෙකුත් ආයතනවල භෞතික විද්‍යාඥයින් විසින් ප්‍රකාශ කරන ආකාරයට විශ්වය උපරිම ප්‍රමාණයකට ළඟා වෙනවා.

එම උපරිමයට ළඟා වීමෙන් පස්සේ, සියල්ල නැවත තනි ලක්ෂ්‍යයකට එන තෙක් විශ්වය හැකිලීමට පටන් ගන්නවා. මේක reverse Big Bang එකක් එහෙමත් නැත්නම් විද්‍යාඥයින් විසින් නම් කරලා තියෙන විදිහට “Big Crunch” ලෙස හඳුන්වනවා. විශ්වය ගැන මේ න්‍යායට අනුව විශ්වය “රබර් පටියක්” වගේ ප්‍රසාරණය වෙනවා. අවසානයේ, ප්‍රත්‍යාස්ථ බලය ප්‍රසාරණයට වඩා ශක්තිමත් වුණාම ඒ බලය මඟින් සියල්ල නැවත එකට එකතු වෙනවා.

Dark Energy Survey සහ Dark Energy Spectroscopic Instrument ඇතුළු තාරකා විද්‍යාත්මක සමීක්ෂණ ගණනාවක දත්ත භාවිතා කරමින්, පර්යේෂකයන් අනාවැකි පළ කරන්නේ මෙම “Big Crunch” ආසන්න වශයෙන් වසර බිලියන 33.3 කින් සිදු වෙනවා කියලා. අපේ මේ විශ්වය දැනටමත් වසර බිලියන 13.8 ක් පැරණි නිසා, ඒ අධ්‍යයනයට අනුව, පෘථිවිය සහ අනෙකුත් සියල්ල අවසන් වීමට තවත් වසර බිලියන 20 ක් තියෙනවා.

මොනවා උනත්, තව බිලියන 20 කින් සිදු වන මේ විශ්වයේ අවසානය ගැන පෘථිවියේ ඉන්න අපිනම් වැඩිය කරදර වෙන්න ඕනේ නැහැ. මොකද තව අවුරුදු බිලියන 7 කින් විතර අපේ මිය යන සූර්යයා විසින් පෘථිවිය ගිල ගනු ඇතැයි අපේක්ෂා කරන නිසා.

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025