කිඹුලන් සමග පිහිනන්න කැමති අයට

  • Home
  • /
  • Blog
  • /
  • කිඹුලන් සමග පිහිනන්න කැමති අයට

සීතලම ජුලි මාසයේ යන්න හොඳ තවත් උණුසුම්ම පළාතක් ගැන තමයි මේ. ජුලි මාසයේ අධික සීතල නිසා නිවාඩුවකට, ටිකක් උණුසුම් කාලගුණයක් තියෙන පැත්තකට ගියොත් හොදයි කියලා හිතන අයට travel කරන්න හොඳම තැනක් තමයි Darwin. අපේ Northern Territory එකේ අගනුවර වන Darwin ආසියාවට පිවිසෙන දොරටුව අභියස පිහිටා තිබෙන සුන්දරම නගරයක්.

මේ ප්‍රදෙශයේ ජූලි මාසයේ දී සාමාන්‍යයෙන් 19.3C ත් 30.6C ත් අතර උෂ්ණත්වයක් පවතිනවා. ඕස්ට්‍රේලියාවේ ඉහළ කෙළවරේ පිහිටි Darwin, සංචාරක ගමනාන්තයක් ලෙස බොහෝ විට අවධානයක් ලබා නොදෙන කලාපයක්. එහි උණුසුම් කාලගුණය බොහෝ විට මීට හේතුවක් වෙනවා. නමුත් මේ සීතල කාලයේ නම් එය සංචාරය කිරීමට හොඳම කලාපයක් වේවි. 

මෙම කලාපය යුරෝපීය, ආසියානු සහ ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ගේ රසවත් ඉතිහාස කතා වලින් පිරී පවතිනවා. ඒ වගේම, ඕස්ට්‍රේලියාවේ වෙනත් කිසිම තැනක සොයාගත නොහැකි අද්විතීය හා ආකර්ෂණීය ස්ථාන ගණනාවකට ද නිවහනක් වෙනවා.

යුද ඉතිහාසය ගැන ඉගෙන ගැනීමට, ආරක්ෂිත පරිසරයක කිඹුලන් සමඟ පිහිනීමට වැනි ත්‍රාසජනක ක්‍රියාකාරකම් වලට උනන්දුවක් දක්වන අයට ශීත ඍතුවේ මැද විවේකයක් ගන්න රටේ තිබෙන හොඳම තැනක් තමයි මේ. ජූලි මාසයේදී Darwin හි ආර්ද්‍රතාවය එතරම් තීව්‍ර වෙන්නේ නැහැ. ඒ නිසා එය වඩා සුවපහසු උණුසුම් කාලගුණයක් නිර්මාණය කරනවා.

Northern Territory හි අගනුවර වන Darwin, වසර පුරා ආකර්ෂණීය සංස්කෘතික, සමාජීය සහ ආහාර උත්සව රාශියක් ඇති ප්‍රීතිමත් නගරයක්. ඩාවින් නගරය ආසියාවට පිවිසෙන දොරටුව වන නිසා ම, අවන්හල්, වෙළඳපොළවල් ආදියෙහි තරමක ආසියානු ලක්ෂණ දකින්නත් පුළුවන්. එහි ප්‍රසිද්ධ Mindil Sunset Markets සංචාරකයන්ගේ ඉහළ ආකර්ශනයක් දිනා ගන්නවා.

නගරයේ ආකර්ශනීය ස්ථාන අත්විඳීමෙන් පස්සේ, Kakadu ජාතික වනෝද්‍යානය, Litchfield ජාතික වනෝද්‍යානය, Arnhemland, Jabiru සහ Katherine Gorge වැනි රටේ වඩාත්ම දර්ශනීය ස්වාභාවික පරිසරයන් Darwin සිට පහසුවෙන් ළඟා විය හැකි දුරින් පිහිටා තිබෙනවා. Kakadu ජාතික වනෝද්‍යානය ඕස්ට්‍රේලියාවේ විශාලතම ජාතික වනෝද්‍යානයයි.

මෙම වියළි බව නිසා කලාපයේ ගංඟා සහ තෙත් බිම් ද වියළී යන අතර ජාතික වනෝද්‍යාන තුළ billabongs වටා එක්රැස් වන සිය ගණනක් ජලජ පක්ෂීන් දැක ගැනීමට වනජීවී ලෝලීන්ට  කදිම අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම මනස්කාන්ත පරිසර පද්ධති විඳ ගැනීමට Northern Territory හොඳම ප්‍රදේශයක්. 

Ayers Rock ලෙසද හැඳින්වෙන Uluru, මීටර් 348 ක උසකින් යුත් ලොව විශාලතම වැලිගල් ඒකලිතය (sandstone monolith) වෙනවා. වසර 30,000 කට වැඩි කාලයක් එහි ජීවත් වූ දේශීය Anangu ජනයා එය ඉතා අධ්‍යාත්මික හා පූජනීය ස්ථානයක් ලෙස ද සලකනවා. Alice Springs යනු කාන්තාර භූ දර්ශන සහ සුවිශේෂී ඉතිහාසයක් සහිත බොහෝ දෙනාගේ ප්‍රියතම සංචාරක ස්ථානයක්.

ඉතින් මේ Mindil Beach Markets, Crocosaurus Cove, Litchfield ජාතික වනෝද්‍යානය, Kakadu ජාතික වනෝද්‍යානය, Deckchair සිනමා ශාලාව, Darwin Aviation Heritage Centre ඇතුළු සුන්දර  මතක එකතු කරගන්න සීතල ජුලි මාසයේ උණුසුම් Darwin වෙත එන්න.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025