හැමෝම කැමති අල කිරි හොදි තවත් රසට හදමු

  • Home
  • /
  • Yum
  • /
  • හැමෝම කැමති අල කිරි හොදි තවත් රසට හදමු

අල කිරි හොඳි කියන්නේ ලොකු කුඩා ඕනම කෙනෙක් ආසාවෙන් කන්න කැමති ව්‍යාංජනයක්. බත්, පාන්, පිට්ටු, රෝටී, පරාටා, ඉඳි ආප්ප වගේ ඕනම කෑමක් සමඟ කන්න පුලුවන්. අපි බලමු කොහොමද මේ අල කිරි හොඳි හදන්නේ කියලා

අවශ්‍ය ද්‍රව්‍ය :

  • අර්තාපල් – 350g
  • රතු ළුණු – 07
  • අමු මිරිස් – 03
  • කරපිංචා
  • රම්පේ
  • අඹරා ගත් අබ ඇට – තේ හැඳි 1/2
  • කුරුදු පොතු කීපයක්
  • උළු හාල් – තේ හැඳි 01
  • කහ කුඩු – තේ හැඳි 01
  • තුන පහ කුඩු – තේ හැඳි 1/2
  • උකු පොල් කිරි (මිටි කිරි) – කෝප්ප 2 ½

සාදන ක්‍රමය

අර්තාපල් ටික හොඳට සෝදලා සුද්ද කරලා අරගෙන අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන පසුව අල ටික පොඩි වෙන මට්ටමට එනකන් හොඳට තම්බා ගන්න. හැබැයි අල ටික පොඩි කෑලි වලට කපා ගත්තහම ඉක්මනට තැම්බෙනවා. අල ටිකට වැඩිපුර කහපාටක් එකතු වෙන්න කැමතිනම් අවශ්‍ය විදියට අල තම්බන විට කහ කුඩු ස්වල්පයක් එකතු කරගන්න.තම්බා ගත්ත අල ටික වතුර පෙරලා පැත්තකින් තියා ගන්න. 

කපා ගත්ත ළුණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා, කුරුදු පොතු, තලා ගත්ත අබ, පොල් කිරි, උළු හාල්, කහ කුඩු හා තුන පහ කුඩු ටික මෙය පිසගැනීමට සුදුසු භාජනයකට දමා මේ අල හොදි එක හොඳට රස වෙන්න උකු පොල් කිරි එකතු කර ගන්න. තම්බා ගත්ත අල ටිකත් දා ගන්න. තම්බා ගත්ත අල කෑලි දෙක තුනක් පොල් කිරි ටිකක් එක්ක හොඳට පොඩි කරලා අල හොදි එකටම දා ගන්න. මේ විදිහට කලහම අල ටික හොඳට උකු වෙනවා. එහෙම නැත්නම් ඔයාලාට පුළුවන් බ්ලෙන්ඩර් කර ගත්ත කැකුළු හාල් මිටක් මේකට එකතු කර ගන්න. ඒ විදිහටත් මේ හොඳි එක උකු කර ගන්න පුළුවන්.

දැන් අල හොඳි එක ලිපේ තියලා උයන්න පටන් ගන්න. හොදි ටික හොඳට රත් වෙලා වටෙන් බුබුළු දාගෙන එන වෙලාවේ ඉදන් දිගටම මේ අල හොඳි එක හැඳි ගාන්න. නැත්නම් කිරි ටික කැටි ගැහෙනවා. අල හොඳි එක හොඳටම ඉදුනාට පස්සේ ලිපෙන් අයින් කරලා ටිකක් වෙලා නිමෙන්න තියන්න. හොඳි එක ටිකක් නිමුනාට පස්සේ දෙහි ඇඹුල් ටිකක් දාලා කලවම් කරන්න. දැන් ඉතින් රස බලන්න

 

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025