ඕස්ට්‍රේලියානුවන් ලොවට හඳුන්වා දුන් දැවැන්තම Technology Innovations 5ක්

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියානුවන් ලොවට හඳුන්වා දුන් දැවැන්තම Technology Innovations 5ක්

තාක්ෂණික ලෝකයේ දැවැන්තයන් කියපු ගමන් හැමෝගෙම මතකයට එන්නේ එක්සත් ජනපදය, චීනය, ජපානය වගේ රටවල්. ඕස්ට්‍රේලියාව සාමාන්‍යයෙන් තාක්ෂණික දැවැන්තයෙක් ලෙස සැලකෙන්නේ නැහැ. තාක්ෂණික නවෝත්පාදනය යටතේ බොහෝ විට කතා කෙරෙන මාතෘකා තමයි Silicon Valley, අලුත්ම social media platforms, cryptocurrencies සහ self-driving cars වගේ දේවල්. 

ගොඩක් දුරට ලෝකයේ අවධානයට ලක් නොවුණත් මේ බොහෝ තාක්‍ෂණයන් වල ආරම්භයේදී ඕස්ට්‍රේලියානුවන් විසින් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරලා තිබෙනවා. අද අපි බලමු ඒ විදිහට ඕස්ට්‍රේලියානුවන් විසින් තාක්‍ෂණික ලෝකයට හඳුන්වා දුන් දැවැන්ත නවෝත්පාදන 5ක්.

  1. Full-length feature films

පළමු Full-length feature film එක වන The Story of the Kelly Gang, 1900 ගණන්වල මුල් භාගයේදී Victoria වලදී තමයි රූගත කළේ. විනාඩි 5කට පමණ සීමා වුණු නිහඬ චිත්‍රපට ධාවනය වුණු මේ කාලයේ, කිලෝමීටරයකට වඩා දිග reel එකක් අවශ්‍ය වන විනාඩි 60ක චිත්‍රපටයක් ගැන හිතලවත් තිබුණේ නැහැ. මෙලෙස ආරම්භ වුනු Full-length feature films අද වන විට ලොව පුරාම පුළුල් පරාසයක සමාජීය හා ආර්ථික බලපෑමක් ඇති කරලා තිබෙනවා.

  1. Wi-Fi

Wireless Local Area Network (WLAN) යනු අද අප එකිනෙකා සමඟ සන්නිවේදනය කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න හේතු වුණ තාක්‍ෂණික නවෝත්පාදනයක්. ලෝකයේ සන්නිවේදන තාක්‍ෂණය වෙනස්ම දිශාවකට යොමු කරපු මෙයත්, 1992 දී සිදු කරපු ඕස්ට්‍රේලියානු සොයාගැනීමක ප්‍රතිඵලයක්. CSIRO හි radioastronomy (විකිරණ තාරකා විද්‍යාව) අධ්‍යයනය කරන නව නිපැයුම්කරුවන් ඔවුන්ගේ පර්යේෂණ අතරතුර මේ විදිහට ඒ කාලේ තාක්‍ෂණ කර්මාන්තයේ තිබ්බ ප්‍රධාන අභියෝගයන්ගෙන් එකක් විසඳා ගන්න සමත් වුණා. ඉතින් මේ සොයා ගැනීම තමයි අද අපි සියලු දෙනා භාවිතා කරන WiFi වෙත මඟ පෑදුවේ.

  1. Google Maps

Google Maps කියන්නේ දැන් ලෝකයේ බහුලවම භාවිතා වන mapping service එක. 2003 දී ඕස්ට්‍රේලියානුවන් වන Noel Gordon සහ  Stephen Ma, ඩෙන්මාක් සහෝදරයන් දෙදෙනෙක් වන Lars සහ Jens Rasmussen සමඟ එකතු වෙලා, Sydney වල mapping business එකක් ආරම්භ කළා. මේ තුළින් තමයි අද අපි හැමෝම භාවිත කරන Google Map එකේ උපත සිදු වුණේ. 2004 දී, ඔවුන් එම නිෂ්පාදනය Google වෙත විකුණුවා.

  1. ලැව්ගිනි පැතිරීම පුරෝකථනය කිරීම

2010 දශකයේදී CSIRO පර්යේෂකයන් කණ්ඩායමක් ලැව්ගිනි ආකෘති නිර්මාණය සඳහා නව රාමුවක් සකස් කළා. මෙම කුප්‍රකට අනපේක්ෂිත ලැව්ගිනි පුරෝකථනය කිරීමට භූගෝල විද්‍යාව, පරිසර විද්‍යාව සහ කාලගුණ විද්‍යාව යන ක්ෂේත්‍ර එකට එකතු වෙලා තිබෙනවා. මෙම රාමුව ගණිතමය වශයෙන් ලැව්ගිනි පැමිණීමට වඩාත් ඉඩ ඇති ස්ථාන පෙන්වන සිතියම් නිර්මාණය කිරීමට භාවිතා කරන්න පුළුවන්. මෙය ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ විශාල පියවරක් වන අතර, අනාරක්ෂිත කලාප වලින් ඉවත් කිරීම් කටයුතු සැලසුම් කිරීමට සහ අවදානම අවම කිරීම සම්බන්ධයෙන් වැඩි අවස්ථාවක් ලබා දෙනවා.

  1. Quantum computing components

ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් වසර ගණනාවක් තිස්සේ Quantum computing විෂය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව කටයුතු කරලා තිබෙනවා. Fast 2-quantum bit gates (2019) සහ නිරපේක්ෂ ශුන්‍යයට ආසන්නව ක්‍රියා කළ හැකි control chips (2021) සොයා ගැනීම වැනි ජයග්‍රහණ කුඩා පියවරක් ලෙස පෙනෙන්නට තිබුණත්, ඒවා අද වන විට ඉහළ දියුණුවක් ලබා ඇති  Quantum computing විෂය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සපයනු ලැබුවා.

Don't forget to share this post!

Recent Posts

569
November 8, 2025