සදාකාලික පදවැල් අරුත් ගන්වන්නට – “සුළඟ නුඹ වගෙයි”

  • Home
  • /
  • Events
  • /
  • සදාකාලික පදවැල් අරුත් ගන්වන්නට – “සුළඟ නුඹ වගෙයි”

ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනූ කීර්තිමත් ගීත රචිකාවියක් වන යමුනා මාලිනී පෙරේරා ප්‍රථම වරට මෙල්බර්න් නුවරට පැමිණෙන්න සූදානම්. දුර කඳු යාය මටයි, ආදරය සුන්දර වරදකී, ගහක මල් පිපිලා, සුළඟ නුඹ වගේ, ලංකා පෙම්බර ලංකා වැනි අතිශය ඉමිහිරි ගී පද රැසක හිමිකාරිය ඇයයි. දශක කිහිපයක් පුරා ඇගේ ප්‍රේමණීය වචන වලින් රසික හදවත් දහස් ගණනක් රසවත් කළ ගීත ගොන්නක් එහිදී ඔබට රස විඳීමට හැකි වනු ඇත.

“සුළඟ නුඹ වගෙයි” ලෙස නම් කර ඇති මෙම ප්‍රසංගය සඳහා සංගීත අධ්‍යක්ෂණය ඉන්ද්‍රජිත් මිරිහාන. Inwave Entertainment සහ Manahara Entertainment ඔබ වෙත ගෙන එන මෙම සොඳුරු ප්‍රසංගය රස විඳීමට ඔබත් අගෝස්තු 9 වන දා Melbourne Banksia Theatre එකට එන්න. 

හදවත් ස්පර්ශ කරන ඇගේ සදාකාලික පද වැල් ඇගේම හඬින් අරුත් ගන්වන්න ඇය සූදානම්. ප්‍රේමණීය ගීතයට ආදරය කරන ඔබට මෑත කාලයේ හමු වූ රසවත්ම ප්‍රසංගය මෙය වේවි.

Sat 9 Aug 2025

7:00 PM – 10:00 PM (UTC+10)

Banksia Campus Theatre

Keysborough Secondary College, 8-20 Janine Road, Springvale South VIC 3172

Tickets: https://auslankatickets.com/onlineticket.php?eventid=1429575 

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025