Search engines වලට log වෙන්න කලින් වයස verify කරන අලුත් නීතිය
ඉදිරියේදී සියලුම ඕස්ට්‍රේලියානුවන් Google හෝ වෙනත් search engines වලට log වූ විට වයස verify කිරීමට අවශ්‍ය වනු ඇත. සෑම අන්තර්ජාල කර්මාන්තයක්ම පාහේ ආවරණය වන පරිදි ඕස්ට්‍රේලියාවේ eSafety Commissioner විසින් දැනට සංවර්ධනය කරනු ලබන අනිවාර්ය codes සහ standards වල කොටසක් ලෙස, users ලගේ age verification සඳහා ප්‍රධාන ප්‍රමුඛතාවයක් දෙනු ඇත.
RMIT විශ්ව විද්‍යාලයේ තොරතුරු විද්‍යා මහාචාර්ය Lisa Given පවසා සිටියේ, මේ සඳහා විවිධාකාරයෙන් වයස පරීක්‍ෂා කළ හැකි බවයි. ඒ සඳහා ඔවුන්ට රජයෙන් නිකුත් කරන ලද හැඳුනුම්පතක් හෝ ඔබේ වයස ඇස්තමේන්තු කිරීමට මුහුණු ස්කෑන් කිරීම කළ හැකියි. මෙලෙස සමාගම්වලට භාවිතා කළ හැකි විවිධ යාන්ත්‍රණ ගණනාවක් සඳහා code එක යටතේ ඉඩ දී තිබෙන බවත් ඇය පැවසුවාය.
මෙම code එක යටතේ search platforms සඳහා ලබා ගත හැකි අනෙකුත් age verification options අතරට credit card checks, digital ID සහ third-party verification ඇතුළත් වේ. සමාගම් මෙම code එක නිර්මාණය කිරීමට සම්බන්ධ වී සිටින බවත්, ඔවුන් නිසැකවම එයට අනුකූල වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇය තව දුරටත් පැවසුවාය.