ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ජාල සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, අපගේ ජනගහනය සහ නගර පුළුල් වන විට ඒවා කැපී පෙනෙන වර්ධනයක් පෙන්වනවා. නවීන තාක්ෂනයන් සමගම ප්‍රවාහන ජාල භාවිතා කරන ආකාරය ද වෙනස් වෙමින් තිබෙනවා.
1900 ගණන්වල මුල් භාගයේදී අශ්වයන් වෙනුවට මෝටර් රථ භාවිතය ප්‍රතිස්ථාපනය වුණු දා සිට මෙය දකින්නට පුළුවන්. Connected, automated සහ electrically powered වාහන වල සංවර්ධනය සමගම මාර්ග ප්‍රවාහන අංශයේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ පරිසර හානිය අවම කිරීම වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා.
වේගවත් වෙනසක් සිදුවන කාල පරිච්ඡේදයක් තුළ, එම වෙනසත් සමග විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වෙනවා. එවැනි අවදානම් කිහිපයක් අවම කරමින්, නැගී එන තාක්ෂණයන්හි ප්‍රතිලාභ උපයෝගී කර ගන්නා වැඩිදියුණු කළ මාර්ග ප්‍රවාහන ජාලයක් ලබා දීමට, Austroads Vehicles & Technology Program එක අනෙකුත් සාමාජික සංවිධානවලට සහාය වෙනවා.
Austroads Vehicles & Technology Program එකේ දැක්ම වන්නේද, සාමාජිකයින්ගේ සියලුම සේවකයින්ට, ඔවුන්ගෙන් සේවය ලබා ගන්න ජනතාවට ඉහළ මට්ටමේ සේවාවන් සැපයීමයි. මේ සඳහා සියලුම සංවිධාන වලට වාහන සහ තාක්ෂණය භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් තිබීම ඉතා වැදගත්.
මෙම වැඩසටහන ප්‍රධාන තේමාවන් හතරක් වටා අවධානය යොමු කර තිබෙනවා;
- Connected & Automated Vehicles
- Digital & Physical Infrastructure
- Low & Zero Emission Vehicles
- Member Capability
මෙම Austroads Vehicles & Technology Program එක හරහා තාක්‍ෂණය සමග ඉදිරියට යාමේදී ඇතිවන විවිධ ගැටළු හඳුනාගෙන ඒවාට සාර්ථක පිළියම් යෙදීමට කටයුතු කිරීමට නියමිතයි.
දුරස්ථ සහ ග්‍රාමීය ප්‍රදේශවල EV charging ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගෝපදේශ සැපයීම, Low and Zero Emission Vehicle Charging යටිතල පහසුකම් සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීම, වාහන සහ යටිතල පහසුකම් සඳහා 5G තාක්ෂණය යොදා ගත හැකි ආකාර පිලිබඳ පර්යේෂණ කිරීම වැනි ව්‍යාපෘති රැසක් මේ හා සමගාමීව ක්‍රියාත්මක වෙනවා.
මේ අනුව නුදුරු අනාගතයේදීම ඕස්ට්‍රේලියාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ දැවැන්ත පෙරළියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.