Jetstar ගුවන් සේවය පිලිපීනය වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානමෙන් සිටිනවා. මේ අනුව $188 සිට ආරම්භ වන direct routes දෙකක් Brisbane සහ Perth සිට දියත් කිරීමට Jetstar සූදානම්. නොවැම්බර් 27 දා පටන්, Perth සිට Manila දක්වා සෘජු ගුවන් ගමන් වසර පුරා පිරිනමනු ඇති අතර, දෙසැම්බර් 3 වන දා පටන්, Brisbane සිට Cebu දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව අඟහරුවාදා සිට, Jetstar විසින් Brisbane සිට Cebu දක්වා one-way ගාස්තු $188 සිටත්, Perth සිට Manila දක්වා one-way ගාස්තු $199 සිටත් ලබා දෙනවා. Brisbane සිට Cebu දක්වා ටිකට්පත් විකිණීම ජූලි 16 වන දින දහවල් 12 ට අවසන් වන අතර, Perth සිට Manila දක්වා වට්ටම් සහිත ගාස්තු ජූලි 18 වන සිකුරාදා අවසන් වෙනවා.
Airbus A321LR යානය භාවිත කර සතියට තුන් වතාවක් මෙම ගුවන් ගමන ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම ව්‍යාප්තියේ කොටසක් ලෙස, Jetstar එහි පුළුල් බඳ සහිත Boeing 787 Dreamliners සහ ඇති නවීන Airbus A321LR සහ A320neo ගුවන් යානා නැවත යෙදවීමට යි සැලසුම් කර තිබෙන්නේ.
පිලිපීනයට ව්‍යාප්ත වීම ගුවන් සේවය සඳහා “උද්යෝගිමත් සන්ධිස්ථානයක්” බව Jetstar සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී Stephanie Tully පවසනවා. Brisbane ගුවන් තොටුපලේ ප්‍රධාන විධායක නිලධාරී Gert-Jan de Graaff මහතා පවසන ආකාරයට මෙම අලුත් ගුවන් ගමන් ක්වීන්ස්ලන්තයේ සිටින විශාල පිලිපීන ප්‍රජාව සඳහා වැදගත් සබඳතා ශක්තිමත් කරන අතර කලාප දෙකක් අතර වෙළඳාම සහ ව්‍යාපාර ඉහළ නැංවීමට උදව් වෙනවා.
අලංකාර දූපත්, පොහොසත් ස්පාඤ්ඤ යටත් විජිත ඉතිහාසයක් සහ විචිත්‍රවත් street food සංස්කෘතියක් ඇති Cebu නගරය, අලුත් ගමනාන්ත අත්විඳින්න කැමති ක්වීන්ස්ලන්ත වැසියන්ට, අගනා නිවර්තන නිවාඩු නිකේතනයක් බවත් ඔහු තවදුරටත් පැවසුවා.
මෙම නව මාර්ගය බ්‍රිස්බේන් ගුවන්තොටුපළේ 34 වන සෘජු ජාත්‍යන්තර සම්බන්ධතාවය සනිටුහන් කරනවා. ඉතින් ඔයත් සුන්දර පිලිපීන දූපත් වල සංචාරය කරන්න බලාගෙන ඉන්න කෙනෙක්නම් මේක තමයි හොඳම අවස්ථාව.
Image Credit goes to by : https://aviationweek.com/air-transport/airlines-lessors/jetstar-outlines-timetable-a321lr-deliveries