ඔයා ගැලපෙන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ ඔබට ඇති විකල්ප ගැන සිතන කෙනෙක්ද? එහෙමත් නැත්නම් දැනට කරන රැකියාවෙන් වෙනත් එකකට මාරු වෙන්න හිතන කෙනෙක්ද? එහෙනම් මේ කතා කරන්නේ ඔයාට.
ඔයා දැනටමත් අධ්‍යාපනය ලබමින් සිටියත්, වෘත්තීය ගමනේ කුමන අවධියක සිටියත්, ඔබට තියන විකල්ප සලකා බලන්න පුළුවන්. ඔබ සිතනවාට වඩා අවස්ථාවන් ඔයා වටේ තියෙනවා වගේම, ඔබේ ඊළඟ පියවර ඔබේ ආශාවන් සහ අභිලාෂයන් සමඟ සමපාත වන හොඳම අවස්ථාව වෙන්නත් පුළුවන්.
එම අභියෝගාත්මක ගමන ජයගන්න දැනගෙන සිටිය යුතුම දෙයක් ගැනයි මේ කියන්නේ.
අධ්‍යාපනය, පුහුණු අවස්ථා සහ රැකියා මාර්ග පිළිබඳ විශ්වාසදායක තොරතුරු වෙත ප්‍රවේශ වෙන්න හොඳම website එකක් තමයි “Your Career” කියන්නේ. මෙම Your Career website එක ඕස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවියක් වන අතර, සියලු වයස්වල සහ තත්වයන් යටතේ සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය වඩා හොඳින් සැලසුම් කිරීමට සහ කළමනාකරණය කිරීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කර තිබෙනවා.
Your Career හි සියලුම තොරතුරු සහ දත්ත, සාක්ෂි මත පදනම් වූ නිවැරදි ඒවා. Jobs and Skills Australia, Australian Bureau of Statistics, National Centre for Vocational Education Research සහ National Training Register මගින් ලබා ගත් යාවත්කාලීන පාඨමාලා සහ අධ්‍යාපන සැපයුම්කරුවන්ගේ විස්තර මේ වගේ විශ්වාසදායක මූලාශ්‍රවලින් තමයි අරගන්නේ.
Your Career website එක හරහා ඔබට පුළුවන්:
- ඔබේ කුසලතා සහ රුචිකත්වයන් මත පදනම් වූ වෘත්තීන් සොයා ගන්න
- Career Explorer භාවිත කර ඔබේ වෘත්තීය ගමන නිවැරදි තැනින් ආරම්භ කිරීමට හෝ ජීවිතයේ පසුකාලීන විකල්ප ගවේෂණය කරන්න
- ඔබේ වෘත්තීය ඉලක්ක සපුරාලන vocational education and training (VET) අංශයේ අධ්‍යයන සහ පුහුණු විකල්ප සොයන්න
- සහාය සේවා ලබා ගැනීම සඳහා තොරතුරු සහ links වෙත ප්‍රවේශ වන්න
- ඕස්ට්‍රේලියානු VET ආදි ශිෂ්‍යයන්ගෙන් සැබෑ අත්දැකීම්, අධ්‍යයන සහ පුහුණු අවස්ථා තෝරාගත් ආකාරය ගැන මග පෙන්වීම් කියවන්න
- වෘත්තීය සම්බන්ධ සංවාද සඳහා සහාය වන සම්පත් සහ තොරතුරු මාර්ගෝපදේශයන් ලබා ගන්න
- නිතරම යාවත්කාලීන වන ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවෘත්ති සහ සිදුවීම් ගැන සොයා බලන්න.
Your Career website එක හරහා, ඔයාට VET පාඨමාලා සහ පාඨමාලා සපයන්නන් දහස් ගණනක් සොයාගන්න පුළුවන්. ඔබේ ප්‍රදේශයේ ඇති රැකියා හා අධ්‍යාපන අවස්ථා ගැන දැන ගන්නත්, ඔබට අවශ්‍ය දේ පහසුවෙන් සොයා ගෙන ඔබට ගැලපෙනම ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයෙන් නිවැරදිම තීරණය ගැනීමටත් මේ website එකට ඔයාට උදව් වේවි: https://www.yourcareer.gov.au/