මේ කියන්න හදන්නේ සම්මාන ගත්ත Fiction book එකක් ගැන. පොතේ නම තමයි “Praiseworthy”. නම කියපු ගමන් සමහර අයනම් දන්නවා ඇති. ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වුණ, සම්මානලාභී ඕස්ට්‍රේලියානු කතුවරියක් වන Alexis Wright විසින් තමයි මේක රචනා කළේ. “Praiseworthy”, 2024 Stella Prize එකේ ජයග්‍රාහකයා ද වෙනවා.
ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ වීර කාව්‍යයක් වන Praiseworthy, Alexis Wright විසින් තමන්ට අනන්‍ය වුනු භාෂා රටා යොදා ගනිමින් වචනයට නගා තිබෙනවා. උතුරු ඕස්ට්‍රේලියාවේ කුඩා නගරයක ජීවත් වන පවුලක්, ඇය මේ සඳහා පසුබිම් කරගත්තා.
පාරිසරික ව්‍යසනයන් සහ මුතුන් මිත්තන්ගේ පැවත ආ විවිධ බලපෑම් වල ග්‍රහණයට හසු වූ මිනිසෙක් මෙම දේශගුණික හා ආර්ථික අපහසුතා අතර ගෙවන ජීවිතයක් Wright විසින් Praiseworthy හරහා ඉදිරිපත් කරලා තිබෙනවා. මෙම උමතුව නිසා පීඩනයට පත්ව ඇති ඔහුගේ බිරිඳ ඇගේ ආදිවාසී/චීන පවුල චීනයට නැවත ගෙන්වා ගන්නේ කෙසේදැයි සොයා ගැනීමට වෙහෙසෙනවා. ඔවුන්ට පුතුන් දෙදෙනෙක් සිටිනවා. ඉන් එක් අයෙකු වන Aboriginal, දැඩිව බලාපොරොත්තු සුන් වී සිටින අතර ඔහුට තම ජීවිතය අවසන් කර ගැනීමට අවශ්‍ය වෙනවා. අනෙක් පුත්‍රයා වන Tommyhawk, ඔහුගේ සිහිනය හඹා යාමට සහෝදරයා මිය ගියා නම් යැයි ප්‍රාර්ථනා කරනවා.
මෙලෙස එකිනෙකට වෙනස් භාවයන් සහිත පවුලක් තුළ කතාව හරි අපූරුවට ගලා යනවා. Wright හට සුපුරුදු පොහොසත්, පරිකල්පනීය ශෛලියකින් කියැවෙන කතාව, සංකේතවාදයන් සහ අනන්‍යතාවය, දේශගුණය, සංස්කෘතිය සහ පැවැත්ම පිළිබඳ ගැඹුරු ප්‍රශ්නවලින් පිරී තිබෙනවා. මෙහි භාෂාව සහ උපමා එහි උපරිම සීමාවන්ට භාවිත කර ඇති අතර, පීඩනයට සහ අවාසියට එරෙහි කෝපයේ කෑගැසීම පෙන්වන ප්‍රබන්ධයක් ලෙස දක්වන්න පුළුවන්.
රචිකාවියක්, ක්‍රියාකාරිනියක්, නවකතාකාරියක් සහ වාචික ඉතිහාසඥවරියක් ලෙස ලොව පුරා ඇගයීමට ලක්ව ඇති Alexis Wright ගේ ඔබ කියවිය යුතුම ප්‍රබන්ධයක් ලෙස Praiseworthy දක්වන්න පුළුවන්.
Image credit goes to: www.kobo.com