ලංකාවෙන් පිටතදී ඉපදුණු ඔබේ දරුවාගේ උපත සහ පුරවැසි බව ඕස්ට්‍රේලියාවේ සිට ලියාපදිංචි කරන ආකාරය ගැන තමයි අපි මේ කතා කරන්නේ.
මේ සඳහා අයදුම් කරන්න ඕන විදිහ, අවශ්‍ය අයදුම්පත් download කරගන්න විදිහ, Birth Certificate එකට අවශ්‍ය Supporting Documents මොනවද, Payment එක කරන්නේ කොහොමද, සහ හදාගත්ත Birth Certificate එක අරගන්නේ කොහොමද?, Birth Certificate එකේ වෙනසක් කරගන්න අවශ්‍යනම් ඒක කරගන්නේ කොහොමද?, සහ Birth Certificate එකේ පිටපතක් ලබාගන්නේ කොහොමද? කියන දේවල් ගැන අපි කලින් articles වලින් කතා කළා. අද අපි බලන්නේ, පුරවැසි සහතිකය ලබා ගන්නේ කොහොමද?කියන එක.
පුරවැසි සහතිකය ලබා ගන්නේ කොහොමද?
ඔබේ දරුවාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සඳහා වන අයදුම්පත පුරවැසි සහතිකය නිකුත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට යොමු කෙරෙනවා. එම සහතිකය ලැබුණු පසු ඒ බව ඔබට e-mail පණිවුඩයක් මගින් දැනුම් දෙනවා.
ඔබට එම සහතිකය ලබා ගැනීම සඳහා කලින් වෙලාවක් වෙන් කරවා ගන්න අවශ්‍ය නැහැ. ඕනෑම වැඩ කරන දවසක පෙ.ව. 9:15 – 9:30 හෝ ප.ව. 1:30 – 1:45 අතර කොන්සල් ජනරාල් කාර්යාලයට ගිහින් ඔබේ දරුවාගේ පුරවැසි සහතිකය ලබා ගන්න පුළුවන්.
දරුවාගේ පුරවැසි සහතිකය ලියාපදිංචි තැපෑලෙන් ලබා ගන්න කැමති නම්, ඔබේ දරුවාගේ නම, උපන් දිනය, application එකේ reference number එක සහ ඔබේ සහතිකය එවිය යුතු ලිපිනය ඔවුන්ට යවන්න. එවිට අදාළ සහතිකය තැපැල් කරලා tracking number එක email එකක් හරහා ඔයාට එවයි.
ඔබ හැර වෙනත් තෙවන පාර්ශවයක් විසින් ඔබේ දරුවාගේ පුරවැසි සහතිකය ලබා ගැනීමට යනවා නම්, ඔබ එම තෙවන පාර්ශවයට අවසර ලිපියක් ලබා දිය යුතුයි.