Boeing 737-800 නියමුවෙකුගේ අත්දැකීම විඳගන්න ඔයාටත් අවස්ථාවක්

  • Home
  • /
  • Events
  • /
  • Boeing 737-800 නියමුවෙකුගේ අත්දැකීම විඳගන්න ඔයාටත් අවස්ථාවක්

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය jet airliner එක වන Boeing 737 හි අණ ලබා දෙන්න කැමතිද. Captain ගේ අසුනේ වාඩි වී රෝමය, පැරිස් සහ නිව්යෝර්ක් ඇතුළු ඔබ කැමති ගුවන් තොටුපළවලින් එකක සිට ඔබේ Boeing ගුවන් යානය ගුවන් ගත කරන්න, cruise කරන්න සහ ගොඩබාන්න ඔයාටත් අවස්ථාවක් තිබෙනවා.

මෙම අත්දැකීම ඔයාට විදගන්න වගේම ගුවන් නියමුවෙක් වෙන්න හීන දකින සහ දැකපු ඕනෑම කෙනෙක්ට තමන්ගේ fantasy එක ඇත්තක් වෙලා කියන දේ realise කරන්න මේක හොඳම අවස්ථාවක්. 

මේකෙදී ඔයාට pilot වීමට සහ ඔයා කැමති නගර දෙකකට සංචාරය කිරීමට අවස්ථාව ලැබෙනවා. ලොව ජනප්‍රියම ‘short haul’ commercial jet airliner එක වන Boeing 737 හි 3-4 circuits ගුවන්ගත කිරීම සහ ගොඩබෑම අත්විඳින්න යමු එහෙනම්.

නියමු-අණදෙන නිලධාරියා ලෙස ඔබට අනුමත ගුවන් උපදේශකයෙකු සහයට ලැබෙනවා. ඔබේ flight plan එක සවිස්තරාත්මක pre-flight එකකින් පසුව තීරණය කෙරෙනවා. ඔබේ first officer ගේ මග පෙන්වීම සමඟ, නගර දහස් ගණනක් අතරින් ඔයාගේ පිටත්වීමේ ගුවන් තොටුපළ තෝරා ගන්න පුළුවන්.

Instruments, gauges සහ controls තේරුම් ගැනීමට උපකාර වන තොරතුරු සහිත video presentation එකක් නැරඹීමෙන් පස්සේ, ඔයාට නියමු කුටියට ඇතුළු වෙන්න ලැබෙනවා. ‘jump seats’ දෙකක් ඇති නිසා ඔබේ අත්දැකීම අමතර ගාස්තුවකින් තොරව අන් අය සමඟ බෙදා ගන්නත් පුළුවන්.

වටිනාම දේ තමයි පියාසැරි සැසිය අවසානයේ ඔබට නැවත නැවතත් ඔයාගේ සිහින සවාරිය නරඹන්න පුළුවන් වෙන සිහිවටන විදිහට නියමු කුටියේ photos සහ DVDs ඔයාට ලැබෙන එක. 

ඔබේම ගුවන් ගමන් මාර්ගයක් සහ ගුවන් තොටුපළක් තෝරාගෙන Boeing 737-800 යානයක නියමුවෙකු වීමේ රසයක් ලබා ගන්න ඔයත් මේ අවස්ථාව උත්සහ කරලා බලන්න.

මේකෙදි ඔයාට;

  • ඔයා තෝරාගන්න කාලය පුර සම්පූර්ණ පියාසැරි අත්දැකීමක් 
  • අංශක 180 ක වක්‍ර තිරයක දර්ශනීය high definition (HD) දර්ශන
  • නොමිලේ පියාසර කරන මගීන් ගෙන යන්න අවස්ථාව ලැබෙනවා. වඩාත් සම්පූර්ණ අත්දැකීමක් ලබා ගන්න පැයක කාලයක් සඳහා වෙන් කරවා ගන්න පුළුවන්.

Flight Experience: Flight Simulators & Experiences 

Happens: Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday, Sunday

Time: 10.30 AM – 3:30 PM

Location: The Arcade,  Docklands, Victoria 

Venue: 1800 737 800

Event: 9650 0737

Tickets: https://www.redballoon.com.au/flight-simulator/

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025