ඔයාගෙම business එකක් පටන් ගන්න හිතන් ඉන්න ඔයාට අවශ්‍ය හැමදේම ගැන අපි මේ ලිපි මාලාවෙන් කතා කරනවා. ඒකට අදාළ 1 වෙනි කොටසින් අපි කතා කළා business එකක් පටන් ගන්න කලින් පරීක්ෂා කළ යුතු දේවල්, තීරණය කල යුතු දේවල් සහ කළ යුතු දේවල් මොනවද කියලා. ඒ වගේම 2 වෙනි කොටසින් කතා කළා business එක හරියට define කරගන්න විදිහ. ඒ කියන්නේ ඔයා පටන් ගන්න යන business එකට අදාළ ප්‍රධාන තීරණ කිහිපය ගන්නේ කොහොමද කියන එක. මේකෙදි ඔයා business එකේ ව්‍යුහය, නම සහ ස්ථානය වගේ දේවල් තීරණය කරගත්තා. 3 වෙනි කොටසේදී අපේ business එකට ගැලපෙන Business Plan එක හදාගන්න විදිහ ගැන කතා කළා. 4 වෙනි සහ 5වෙනි කොටස් වලින් අපි කතා කලේ Business එක Register කරන එක ගැන.
දැන් ඔයාට Register කරපු Business එකකුත් තියෙනවා. දැන් අපි බලමු Business එකට අදාළ මූල්‍ය කටයුතු සංවිධානය කරන විදිහ ගැන.
ඔබේ ගිණුම්, අයවැය සහ මූල්‍ය පද්ධති හරියට සංවිධානය කරගැනීම සාර්ථකත්වය සඳහා හොඳම සූදානම් වීමක්. මේ සඳහා අවශ්‍ය හැම දේම අපි පියවරෙන් පියවර කතා කරමු.
- ඔබේ ආරම්භක පිරිවැය ගණනය කරන්න
ඔයාගේ business එක ආදායම් උත්පාදනය කරන්න පෙර ගෙවිය යුතු සියල්ල ඔබේ ආරම්භක පිරිවැය ලෙස සැලකෙනවා. මෙම වියදම් නිවැරදිව තේරුම් ගැනීම ඔබට අරමුදල් ලබා ගැනීමට සහ සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැගීමට උපකාරී වෙනවා.
වාහන හෝ උපකරණ වගේ දේවල් මිලදී ගැනීම වෙනුවට ලීසිං කිරීමෙන් ඔයාට ආරම්භක පිරිවැය අඩු කර ගන්න පුළුවන්.
ඔබේ මූලික වියදම් ගණනය කරාට පස්සේ ඔයාගේ accountant හෝ වෙනත් මූල්‍ය උපදේශකයෙකු සමඟ මෙම වියදම් පරීක්ෂා කර බැලීම වැදගත්.
- ඔබේ ව්‍යාපාරය ආරම්භ කිරීමට අරමුදල් ලබා ගන්න
නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවතින ව්‍යාපාරයක් මිලදී ගැනීමට ඔබට මුදල් අවශ්‍ය වෙන්න පුළුවන්.
ණය (Debt) සහ කොටස් මූල්‍යකරණය (equity finance) යනු ලබා ගත හැකි ප්‍රධාන අරමුදල් වර්ග 2යි. මේ 2 ටම අනන්‍ය වුණු වාසි සහ අවාසි තිබෙනවා. ඒ නිසා ඔබට ගැලපෙන එක කුමක්දැයි තේරුම් ගැනීම වැදගත්.
අද article එකෙන් Business finance එකට අදාළව කතා කරපු හැම දේම සාරාංශයක් විදිහට ගත්තොත් ඔයාගේ checklist එක;
- එක එක උපකරණ බදු ගැනීම හෝ මිලදී ගැනීම පිළිබඳ තීරණය කරන්න
- පළමු මාස 6 සඳහා වැය වන පිරිවැය (running costs) ඇතුළුව ඔබේ ආරම්භක පිරිවැය ගණනය කරන්න
- ගණකාධිකාරීවරයෙකු හෝ වෙනත් මූල්‍ය වෘත්තිකයෙකු සමඟ ඔබේ පිරිවැය පරීක්ෂා කරන්න
- ඔබට අවශ්‍ය නම් අරමුදල් සඳහා අයදුම් කරන්න