ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හරින හරිම ක්‍රමය

  • Home
  • /
  • Blog
  • /
  • ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හරින හරිම ක්‍රමය

ලංකාවෙන් පිටතදී ඉපදුණු ඔබේ දරුවාගේ උපත සහ පුරවැසි බව ඕස්ට්‍රේලියාවේ සිට ලියාපදිංචි කරන ආකාරය ගැන තමයි අපි මේ කතා කරන්නේ. 

මේ සඳහා අයදුම් කරන්න ඕන විදිහ, අවශ්‍ය අයදුම්පත් download කරගන්න විදිහ, Birth Certificate එකට අවශ්‍ය Supporting Documents මොනවද, Payment එක කරන්නේ කොහොමද, සහ හදාගත්ත Birth Certificate එක අරගන්නේ කොහොමද?, Birth Certificate එකේ වෙනසක් කරගන්න අවශ්‍යනම් ඒක කරගන්නේ කොහොමද?, Birth Certificate එකේ පිටපතක් ලබාගන්නේ කොහොමද? සහ පුරවැසි සහතිකය ලබා ගන්නේ කොහොමද? කියන දේවල් ගැන අපි කලින් articles වලින් කතා කළා. අද අපි බලන්නේ, මේ සම්බන්ධ අවසාන කාරණය වන ශ්‍රී ලංකා පුරවැසිභාවය රඳවා ගැනීම සහ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හැරීම කියන කරුණු 2 ගැන.

ශ්‍රී ලංකා පුරවැසිභාවය රඳවා ගැනීමට කරන්න අවශ්‍ය මොනවද?

2003 අංක 16 දරන පුරවැසි සංශෝධන පනතේ 5(2) වගන්තියට අනුව 1948 නොවැම්බර් 15 වන දිනට පසු ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලැබූ පුද්ගලයෙකු, 

  • එම අවස්ථාවේදී, ඔහුගේ හෝ ඇයගේ පියා හෝ මව ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නම් (අවම වශයෙන් දෙමව්පියන්ගෙන් එක් අයෙකු ශ්‍රී ලාංකිකයෙකු විය යුතුය) සහ 
  • ඔහුගේ/ඇයගේ උපන් දින සිට වසරක් ඇතුළත හෝ අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද දීර්ඝ කරන ලද කාල සීමාව තුළ, ඔහුගේ/ඇයගේ උපත ඔහු/ඇය උපන් රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ හෝ අමාත්‍යවරයාගේ කාර්යාලයේ ලියාපදිංචි කර ඇත්නම්, ඔහු/ඇය ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස සලකනවා.

‘ලංකා පුරවැසි පනත’ යටතේ Department of Immigration and Emigration විසින් නිකුත් කරන ලද සහතික, වයස අවුරුදු 22 සම්පූර්ණ වූ පසු අවලංගු වන අතර, එම අවස්ථාවේදී දරුවාට ශ්‍රී ලංකා පුරවැසිභාවය, උපන් රටේ පුරවැසිභාවය හෝ දෙකම රඳවා ගන්නේද යන්න තීරණය කිරීමට සිදුවෙනවා. මේ සඳහා වයස අවුරුදු 21 සම්පූර්ණ වී වසරක් ඇතුළත Department of Immigration and Emigration වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කල යුතුයි.

මේ සඳහා අදාළ ප්‍රකාශය කොන්සල් ජනරාල් කාර්යාලයේ වෙබ් අඩවියෙන් download කරගන්න පුළුවන්. ඔබ දැනටමත් ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇත්නම් මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.

මෙම අවශ්‍යතාවයට අනුකූල නොවන අයදුම්කරුවන්ට Department of Immigration and Emigration විසින් නිකුත් කරන ලද සහතිකයේ පහළින් සඳහන් කර ඇති පරිදි ශ්‍රී ලංකා පුරවැසිභාවය ස්වයංක්‍රීයව අහිමි වෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අයදුම්පත් සකස් කර අයදුම්කරුට යැවීම සඳහා එම සහතික කොන්සල් ජනරාල් වරයා වෙත යවනවා. සහතිකයක් සූදානම් වීමට යන නිශ්චිත කාල සීමාවක් දක්වා නැහැ. කෙසේ වෙතත්, සහතිකය ලබා ගැනීමට සූදානම් වූ විට ඒ බව අයදුම්කරුට email එකක් හරහා දැනුම් දෙනවා.

ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හැරීම

අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ ද්විත්ව පුරවැසියෙකු නම්, ඔබේ පුරවැසිභාවය ඔප්පු කිරීමෙන් පසු ඔබේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අත්හැරීම සඳහා ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න පුළුවන්.

ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හැරීමේ ප්‍රකාශය කොන්සල් ජනරාල් වෙබ් අඩවියෙන් ඔයාට download කරගන්න පුළුවන්. අවශ්‍ය ලියකියවිලි ලැයිස්තුවත් ඒ සමඟම තියෙනවා.

සහතිකය සූදානම් වීමට ගතවන නිශ්චිත කාල සීමාවක් ලබා දීලා නැහැ. කොහොම වුණත්, අත්හැරීමේ සහතිකය ලැබුණට පස්සේ ඔයාට ඒ බව email එකක් හරහා දැනුම් දෙනවා.

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025