ඔස්ට්‍රේලියාව states සහ territories කිහිපයකින් සමන්විත වෙනවා කියලා අපි දන්නවා. මේ states සහ territories බෙදුනේ කොහොමද? මේ විදිහට බෙදෙන්න හේතු මොනවාද? වගේ දේවල් ගැන පොඩි අදහසක් ලබා ගමු.
1901 ට පෙර කාලයේදී, ඕස්ට්‍රේලියාව අර්ධ වශයෙන් ස්වයං පාලනයක් සහිත, නමුත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නීති සම්පාදන බලය යටතේ පැවති බ්‍රිතාන්‍ය යටත් විජිත 6 කින් සමන්විත වුණා. 1880 සහ 1890 ගණන් වලදී, යටත් විජිත එකට වැඩ කළහොත් ශක්තිමත් සහ කාර්යක්ෂම විය හැකි බවට යෝජනාවක් ඉදිරිපත් වුණා. නව රටක් වන ඕස්ට්‍රේලියාව සඳහා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා සම්මුතීන් කිහිපයක් පවත්වන ලද්දේ මේ අනුවයි. 1899 දී, ජනමත විචාරණ මාලාවකින් ජනතාවගේ ඡන්දයෙන් කෙටුම්පත අනුමත කෙරුණා. ඒ අනුව 1901 ජනවාරි 1 වන දින, ඕස්ට්‍රේලියානු යටත් විජිත ජාතියක් බවට පත්වීමට එක්සත් වූ අතර, එම යටත් විජිත ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 6 බවට පත්වුණා. එත් සමග බලය බෙදීම හරහා, ප්‍රාන්ත විසින් ඔවුන්ගේ නීති සම්පාදන බලයෙන් කොටසක් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට මාරු කළා.
ඕස්ට්‍රේලියාවට වෙනම states සහ territories, ඇත්තේ ඇයි සහ මේවා නිර්මාණය වුන ආකාරය ගැන පොඩි අදහසක් තමයි මේ. වැඩි දුර විස්තර ඉදිරියේදී කතා කරමු.