ඕස්ට්‍රේලියාව විවිධ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ලබා දෙන ඉංග්‍රීසි භාෂා පාඨමාලා කිහිපයක් ගැන අපි කලින් දවසක කිව්වා. ඒ තමයි;
- General English
- English for Academic Purposes (EAP)
- English for Specific Purposes (ESP)
- Exam preparation
- Teaching English
- Study tours
ඉතින් මේ අතරින් කිහිපයක් ගැන අපි අද වැඩිදුර හොයලා බලමු.
General English
මේ General English course එකේ අරමුණ වෙන්නේ, ඔයාගේ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රවීණතාවය වැඩි දියුණු කර ගැනීම. එය පහත අවස්ථා සඳහා උපකාර වෙනවා.
- ඉහළ මට්ටමේ පාඨමාලා සඳහා ප්‍රවේශ වීමට
- එදිනෙදා භාවිතයට
- සංචාරය කිරීමේදී
- රැකියා අවස්ථා සඳහා
- ඉංග්‍රීසි කතා කරන රටක වෙනත් රැකියාවක් සොයා ගැනීමට
මේ සාමාන්‍ය ඉංග්‍රීසි පාඨමාලා සන්නිවේදන කුසලතා කෙරෙහි තමයි අවධානය යොමු කරන්නේ. විශේෂයෙන් කථා කිරීම සහ සවන්දීම වගේ දේවල් ගැන.
English for Academic Purposes (EAP)
ඔයා ළඟදීම ඕස්ට්‍රේලියානු පාසලක, vocational education and training (VET) පාසලක හෝ TAFE college එකක හෝ විශ්ව විද්‍යාලයක ඉගෙනීම ආරම්භ හිතාගෙන ඉන්නවනම් ඔයාට මේ EAP Course එක වැදගත් වේවි.
මේ EAP course එක ඔබව ඉංග්‍රීසි භාෂාවෙන් පාඨමාලා හැදෑරීමට සූදානම් කරනවා. එය උසස් අධ්‍යාපන හෝ වෘත්තීය අධ්‍යාපන සැකසුම් තුළ අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි ඉගෙන ගැනීමට උපකාරී වෙනවා.
English for Specific Purposes (ESP)
නිශ්චිත රැකියාවක් හෝ අධ්‍යාපන කටයුත්තක් සඳහා අවශ්‍ය ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ඔබට මේ පාඨමාලා වැදගත් වෙනවා. මෙහිදී internship එකක් හෝ professional placement එකක් සලකා බලන්න පුළුවන්.
English for Specific Purposes courses, නිශ්චිත වෘත්තීයයන් හෝ අධ්‍යයන ක්‍ෂේත්‍ර සඳහා අවශ්‍ය වන ප්‍රායෝගික කථන සහ ලිඛිත ඉංග්‍රීසි කෙරෙහි අවධානය යොමු කරනවා. මේ විදිහට විවිධ ක්‍ෂේත්‍ර සඳහා අදාළ වෙන ඉංග්‍රීසි පාඨමාලා පවතිනවා;
- Business
- Teaching
- Health
- Law
- Tourism