පොත් වලට කැමති ඔයා වෙනුවෙන්ම අදත් කියන්න හදන්නේ ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ සම්මාන දිනාගත් විශිෂ්ඨ කෘතියක් ගැන. මේක විශිෂ්ඨ ඕස්ට්‍රේලියානු ඉතිහාසය තුළ සැඟවී තිබෙන අඳුරු පැතිකඩක් එක් තරුණයෙකුගේ සත්‍ය කතාවක් හරහා දිගහැරෙන කතාවක්.
2001 දී Booker Prize එක ජයග්‍රහණය කළ මේ, True History of the Kelly Gang කෘතිය හරහා ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨතම අපරාධකරුගේ ජීවිතය ඔහුගේම වචන වලින් විස්තර කරනවා. මෙම කුප්‍රකට bushranger ගේ ක්‍රියාවන් පිටුපස ඇති අභිප්‍රේරණ මොනවාදැයි මේ හරහා අපට විස්තර කරනවා. ප්‍රබන්ධයන් සමඟ සත්‍යය ඒකාබද්ධ කරමින් කතාව දිව යනවා.
කතාව Kelly ගේ යොවුන් වියේ සිට වයස අවුරුදු 26 දී ඔහුගේ මරණය දක්වා වූ කෙටි ජීවිතය විස්තර කරනවා. මෙය රචනා කළ Peter Carey විසින් එම යුගයේ ප්‍රධාන තේමාවන් පිළිබඳ මනා අවබෝධයක් මේ පොත හරහා ලබා දී ඇති අතර, 19 වන සියවසේ දී ඕස්ට්‍රේලියාවේ පැවති පොලිස් දූෂණ සහ ප්‍රචණ්ඩත්වය ඉස්මතු කර දක්වනවා.
පස් වතාවක් Booker Prize එක සඳහා නිර්දේශ වී ඇති Peter Carey, එම සම්මානය දෙවරක් දිනාගත් ලේඛකයින් 4 දෙනාගෙන් අයෙක්. එලෙස ඔහු Kelly Gang සහ 1988 දී Oscar and Lucinda සඳහා දෙවරක් සම්මානය දිනාගත්තා. ඔහුගේ සමස්ත කෘති සමූහය සඳහා 2009 දී International Booker Prize එක (එවකට Man Booker International Prize ලෙස හැඳින්වුණු) සඳහා ද ඔහුව නිර්දේශ වී තිබුණා.
එක යුගයකදී රට තුළ වඩාත් අවශ්‍ය වී තිබුණු මිනිසා වන Kelly ගේ ජීවිතය සත්‍ය සහ ප්‍රබන්ධයන් අපූරුවට ගැලපූ කතාවක් ලෙසින් දිග හැරෙන True History of the Kelly Gang ඔබත් කියවා බලන්න.
Image credit goes to by : https://thebookerprizes.com/