ඕස්ට්‍රේලියානු ආහාර මාර්ගෝපදේශ එහෙමත් නැත්නම් Australian dietary guidelines, Australian guide to healthy eating ගැන අපි කලින් articles 2කින්ම කතා කළා. අද අපි කියන්නේ ඒ මගින් නිර්දේශ කරන කෑම වර්ග ගැන. Australian dietary guidelines සහ Australian guide to healthy eating මගින් නිර්දේශ කරන්නේ සුවිශේෂී ආහාර පමණක් අනුභව කළ යුතු බව නොවෙයි.
Australian dietary guidelines, Australian guide to healthy eating සහ පාරිභෝගික සම්පත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා ආහාර තෝරා ගැනීමට ඔයාට උපකාර වෙනවා. ඔබේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ශරීර ප්‍රමාණය සහ ශාරීරික ක්‍රියාකාරකම් මට්ටම් අනුව මෙම ආහාර කාණ්ඩවලින් කොපමණ ප්‍රමාණයක් ඔබ දිනපතා පරිභෝජනය කළ යුතුද කියන දේ පිළිබඳව උපදෙස් මේ හරහා ලබා දෙනවා.
එයින් පෙන්වා දෙන පරිදි වැඩිපුර කෑමට ගත යුතු ආහාර වර්ග වන්නේ;
- එළවළු සහ බෝංචි වර්ග
- පළතුරු
- ධාන්‍ය වර්ග
- අඩු මේදය සහිත කිරි, යෝගට්, චීස්
- මාළු, මුහුදු ආහාර, කුකුළු මස්, බිත්තර, බෝංචි වර්ග (සෝයා ඇතුළුව), සහ nuts සහ seeds.
- Red meat (තරුණ ගැහැණු ළමයින් සඳහා පමණයි)
ඕස්ට්‍රේලියානුවන් අඩුවෙන් ආහාරයට ගත යුතු බවට නිර්දේශ කර ඇති කෑම වර්ග;
- පිෂ්ඨය සහිත එළවළු (එනම් විවිධ වර්ගවල සහ වර්ණවලින් යුත් එළවළු කෑමට ඇතුළත් කළ යුතුයි)
- පිරිපහදු කළ ධාන්‍ය වර්ග හෙවත් refined cereals
- ඉහළ සහ මධ්‍යම මේද ප්‍රමාණයක් සහිත කිරි ආහාර
- Red meat (වැඩිහිටි පිරිමින් සඳහා පමණයි)
- සංතෘප්ත මේදය අධික ආහාර සහ පාන වර්ග, අධික ලෙස සීනි සහ ලුණු එකතු කළ කෑම සහ බීම වර්ග හෝ මධ්‍යසාර (උදා: බැදපු ආහාර, ක්ෂණික සේවා අවන්හල් වලින් රැගෙන යන බොහෝ ආහාර, කේක් සහ බිස්කට්, චොකලට් සහ රසකැවිලි, පැණිරස පාන වර්ග).
කෑම වර්ග අනිවාර්ය කරනවා හෝ සම්පූර්ණයෙන්ම වළක්වනවා වෙනුවට මේ මගින් දක්වා තිබෙන්නේ තව දුරටත් එකතු කරගත යුතු සහ අවම කල යුතු කෑම වර්ග. සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවකට මේ පුරුදු ඔයාට උදව් වෙයි.