Virgin Australia දෙන සුපිරි Airfare Sale එක

  • Home
  • /
  • Blog
  • /
  • Virgin Australia දෙන සුපිරි Airfare Sale එක

ඕස්ට්‍රේලියාවේ පියාසර කිරීමේ, 25 වන වසර සැමරීම සඳහා Virgin Australia දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා දැවැන්ත airfare sale එකක් දියත් කරනවා.

Byron Bay වෙත Domestic one-way fares $49 සිට ලබා ගත හැකි අතර Vanautu වෙත international flights $439 සිට ලබා ගත හැකියි.

Brisbane, Sydney, Melbourne හෝ Gold Coast  වලින් පියාසර කරන නැගෙනහිර වෙරළ තීරයේ පදිංචිකරුවන්ට Bali, Queenstown, Fiji හෝ Samoa වැනි ජාත්‍යන්තර ගමනාන්ත වෙත ගුවන් ගමන් සඳහා sale prices ලබා ගන්න පුළුවන්.

Tasmania, Sunshine Coast, Cairns, Gold Coast, Whitsundays, Adelaide, Perth හෝ Darwin වෙත පැමිණෙන සංචාරකයින් සඳහා Domestic sale flights පිරිනැමෙනවා.

Virgin Australia හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරි Libby Minogue පැවසුවේ ගුවන් සේවය සමඟ පියාසර කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට ස්තූති කිරීම සඳහා මෙම sale එක ලබාදුන් බවයි.

කලින් විකිණී අවසන් වුවහොත් මිස, මෙම Sale fares අගෝස්තු 31 දක්වා ලබා ගන්න පුළුවන්. එයට ඔක්තෝබර් 14 ත් ලබන වසරේ ජුනි 25 ත් අතර ගමන් දිනයන් ඇතුළත් වෙනවා.

 

 

 

Image Credit goes to by : https://www.istockphoto.com/

Don't forget to share this post!

Recent Posts

733
December 28, 2025