Queensland වල Sri Lanka Day එක

  • Home
  • /
  • Events
  • /
  • Queensland වල Sri Lanka Day එක

Queensland ඉන්න ඔයා ආසාවෙන් සමරන Sri Lanka Day 2025 ගැන තමයි මේ කියන්න හදන්නේ. Federation of Sri Lankan Organisations of Queensland අගෝස්තු 31 වන දින Seventeen Mile Rocks හි Rocks Riverside Park හිදී සිය Sri Lanka Day Food and Multicultural Festival පැවැත්වීමට නියමිතයි.

ආරම්භක සාමාජිකයන් ලෙස, ශ්‍රී ලාංකික සංගම් 6ක් එක්ව 2013 දී “Federation of Sri Lankan Organisations of Queensland (FSOQ) Inc.” පිහිටුවනු ලැබුවා.

Queensland හි වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාව, ඔවුන්ගේ ජාති ආගම් නොසලකා, ඕස්ට්‍රේලියාවේ වෙසෙන සියලු ජනතාව සමග ශ්‍රී ලාංකික ප්‍රජාවේ සහ සංස්කෘතියේ ඉහළ වටිනාකම් හුවමාරු කර ගැනීමට සහ නියෝජනය කිරීමට එක්ව කටයුතු කිරීමේ අරමුණින් මෙම සංවිධානය පිහිටුවා කටයුතු කරගෙන යනවා.

FSOQ හි ඉලක්කය වන්නේ ඕස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික වටිනාකම් වලට ගරු කරමින් Queensland හි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජනතාවට ඉහළ සේවාවන් සැපයීම සඳහා ඒකාබද්ධ ආයතනයක් ලෙස සේවය කිරීම. FSOQ යනු Australian Charities and Not-for-profits Commission විසින් පිළිගත් සංවිධානයක්.

ඔයා තවමත් මේ සමග එක් වෙන්න බැරි වුනු ශ්‍රී ලාංකිකයෙක්නම් පහත numbers වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න.

Event coordination/ Inquiries:

Dr Jay Weerawardhana – 0402286548

Jayantha Weerasekara – 0422368851 – jweera251@gmail.com

Sri Lanka Day 2025

2025 අගෝස්තු 31 වන ඉරිදා 

9 AM සිට 4 PM දක්වා 

Rocks Riverside Park, Seventeen Mile Rocks, QLD 4073

 

 

 

Image Credit goes to by : https://www.fsoq.com.au/

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025