භයානක සුළං සහ හිම කුණාටු තත්වයන් ඇති වීමේ අවධානමක් ගැන ගිනිකොන දිග ප්‍රදේශයට අනතුරු අඟවා තිබෙනවා. මේ වන විටත් පදිංචිකරුවන්ට ඒ සඳහා සූදානම් වන ලෙස දැනුම් දී ඇති අතර මෙම කලාපයට හිම පතනය වීමට නියමිතව ඇත්තේ වසර 23 කට පසු පළමු වරට වීමත් විශේෂත්වයක්.
දැවැන්ත සීතල ලබන සතිය දක්වා NSW, වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියාව සහ උතුරු ප්‍රදේශයේ සමහර ප්‍රදේශ පවා සිසිල් කරනු ඇති අතර, 100km/hour කට වඩා වැඩි තද සුළං ගෙන එනු ඇත.
State Emergency Services (SES) NSW හි Illawarra සහ Blue Mountains වලට වගේම වික්ටෝරියා හි Alpine ප්‍රදේශවලටත් දැඩි කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
වික්ටෝරියා හි Hotham Falls සහ NSW හි Perisher Valley ඇතුළු උස් alpine ප්‍රදේශ හරහා බදාදා සහ සෙනසුරාදා අතර මිලිමීටර් 50 සිට 80 දක්වා Snow dumps ඇති විය හැකියි.
“සෙනසුරාදා වන විට හිම පතනය කලාතුරකින් දක්නට ලැබෙන ප්‍රදේශවල හිම කුණාටු අපේක්ෂා කළ හැකිය” යනුවෙන් කාලගුණ විද්‍යා කාර්යාංශයේ (BOM) ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ Sarah Scully පැවසුවා.
“මෙයට වික්ටෝරියා හි Dandenong කඳු වැටි සහ Grampians ඇතුළත් වෙනවා. Orange, Bathurst සහ Oberon යන නිව් සවුත් වේල්ස් නගරවල සහ ACT හි උස් ප්‍රදේශවල පවා හිම පතනය විය හැකියි. ටැස්මේනියාවේ සමහර ප්‍රදේශවල 100m ක උන්නතාංශයක හිම පතනය වන බවට පුරෝකථනය කර ඇති බැවින්, මුහුදු මට්ටමේ දී පවා අපට හිම දැකිය හැකියි.”
Adelaide අසල Mount Lofty කඳු වැටි වෙතද හිම කුණාටුවක් පුරෝකථනය කර තිබෙනවා. 2002 වසරෙන් පසු දකුණු ඕස්ට්‍රේලියාවට හිම පතනය වුණු පළමු අවස්ථාව මෙයයි.
NSW හි Illawarra, South Coast, Blue Mountains සහ Southern Tablelands ප්‍රදේශවලට හානිදායක සුළං හමන අතර, Snowy Mountains කලාපය දින කිහිපයක් පුරා දැවැන්ත හිම කුණාටුවකට මුහුණ දෙනවා.
Falls Creek, Dargo, Mt Baw Baw, Mt Hotham, Mt Buller සහ Omeo යන වික්ටෝරියානු ප්‍රදේශවලට ද 110km/hour ක පමණ තද සුළං ඇති වෙනවා.
වික්ටෝරියා හරහා දැනටමත් රාත්‍රියේ සැලකිය යුතු සුළං තත්ත්වයක් ඇති වී තිබෙනවා. බදාදා උදෑසන 9 සිට පැය 24 දක්වා කාලය තුළ Mount Hotham හි 128km/hour ක සුළං හමා ගිය අතර, Mount Buller හි 122km/hour ක සුළං හමා ගිය අතර, මෙල්බර්න් නගරයේ Falls Creek හරහා 107km/hour ක සහ St Kilda හි 100km/hour ක සුළං හමා ගියා.
“සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ගිනිකොන දෙසින් සීතල බලපෑම දැනෙනු ඇතත්, සීතල උෂ්ණත්වය සහ තද සුළං ලබන සතියේ බදාදා දක්වා අවම වශයෙන් පැවතිය හැකිය” යනුවෙන් Scully පැවසුවා.
පසුගිය මාසයේ නැගෙනහිර වෙරළ තීරයේ වැසි ඇද හැලීමෙන් පසු සීතල ඇති අතර, සිඩ්නි වෙත අගෝස්තු මාසයේ සාමාන්‍යය අගය මෙන් හතර ගුණයක් පමණ වන 360mm ට වඩා වැසි ඇද හැලුණා.
වසරේ තුනෙන් එකක් ඉතිරිව තිබියදීත්, වරාය නගරය එහි වාර්ෂික වර්ෂාපතනයේ සාමාන්‍යය ඉක්මවා ගොස් තිබෙනවා.
Wee Waa හි ප්‍රධාන ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් ප්‍රාන්තයේ උතුරේ Namoi ගඟ දිගේ ගංවතුර අනතුරු ඇඟවීම් තවමත් ක්‍රියාත්මක වෙනවා.
අඟහරුවාදා සවස ගංගාව ප්‍රධාන ගංවතුර මට්ටමට ආසන්නව 6.7m ක් දක්වා ඉහළ යා හැකි බව BOM අනතුරු අඟවා තිබෙනවා.
“රිය පැදවීම, ඇවිදීම, පිහිනීම හෝ ගංවතුර ජලයේ සෙල්ලම් නොකරන්න. ගංවතුරට ලක් වූ කාණු, ගංගා, ඇළ දොළ සහ ජල මාර්ග වලින් ඈත්ව සිටින්න” යනුවෙන් අනතුරු ඇඟවීමේ සඳහන් වුණා. “මාර්ග වසා දැමීමේ සලකුණු පිළිපදින්න. ගංවතුර ඇති මාර්ගවල රිය පැදවීම නොකිරීමට කල්තියා සැලසුම් කරන්න.”