දේශපාලනයේ හොඳම විහිළු එකම තැනකින්

  • Home
  • /
  • Events
  • /
  • දේශපාලනයේ හොඳම විහිළු එකම තැනකින්

2024 කියන්නේ දේශපාලන වේදිකාවේ විවිධ අවස්ථා නිර්මාණය වුනු අවුරුද්දක්. එම වසරේදී රටවල් 80 කට වැඩි ප්‍රමාණයක් සහ ලෝක ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කරමින් වසර 2,500 ක් පැරණි ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය ලොව පුරා අත්හදා බැලුවා.

2024 වසරේ හොඳම දේශපාලන කාටූන් සමග සංවිධානය වෙන ‘Behind the Lines’ ප්‍රදර්ශනය තමයි මේ. ඕස්ට්‍රේලියාව පුරා පළපුරුදු සහ නැගී එන කාටූන් ශිල්පීන් ඇතුළත් මෙම ප්‍රදර්ශනය, කුතුහලය පිරුණු, තාර්කික සහ බොහෝ විට තියුණු උපහාසාත්මක කාටූන් හරහා සංස්කෘතික, දේශපාලන විවාද සඳහා ඔවුන් ලබාදෙන දායකත්වය ඉස්මතු කරනවා.

මේක අගෝස්තු 27 සහ 28 දෙදින පුරා උදෑසන 10 සිට සවස 4 දක්වා සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙනවා. 

20 Spring St

East Melbourne 3002

වැඩි විස්තර දැනගන්න

Tel: 03 9651 2233

Email: info@otb.org.au

Web: https://www.oldtreasurybuilding.org.au/behind-the-lines-2024/ 

 

 

 

Image credit goes to by : https://studiostarr.co/

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025