කලින් articles වලින් අපි ශ්‍රී ලංකාවෙන් පිටත දී ඉපදුණු දරුවෙකුගේ උප්පැන්න සහතිකය සහ පුරවැසි සහතිකය මෙහෙ සිටම හදාගන්න ආකාරය ගැන කතා කළා. ඊළඟට අපි කතා කලේ ලංකාවෙන් පිටත සිට මරණයක් ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා.
1981 අංක 04 දරන Sri Lanka Consular Functions පනතේ රෙගුලාසි යටතේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ/ද්විත්ව පුරවැසියන්ගේ මරණ ලියාපදිංචි කිරීමට ඕස්ට්‍රේලියාවේ සිටින ඔබටත් පුළුවන්. මේ සඳහා මරණය පිළිබඳ තොරතුරු සපයන්නා මව, පියා, කලත්‍රයා, දරුවා හෝ සහෝදරයා විය යුතුයි.
ඒ සඳහා අයදුම් කරන ආකාරය සහ අයදුම්පත ලබාගන්න විදිහ ගැන කලින් අර්ටිච්ලේ එකකින් කිව්වා. අද අපි බලමු මේකට අවශ්‍ය සහය ලියකියවිලි මොනවද කියලා.
ඕස්ට්‍රේලියාවේ සිට මරණය ලියාපදිංචි කිරීමට අවශ්‍ය සහාය ලියකියවිලි
පහත සඳහන් සෑම ආධාරක ලේඛනයක් සඳහාම, මුල් ලේඛනය + ඡායා පිටපත් කට්ටලයක් ඉදිරිපත් කළ යුතුයි.
එක් එක් සහතිකයේ/කාඩ්පතේ දෙපස පිටපත් A4 ප්‍රමාණයෙන් ඉදිරිපත් කළ යුතුයි.
මුල් පිටපත් වෙනුවට පරිවර්තන පිළිගන්නේ නැහැ.
මේ සඳහා අවශ්‍ය සියලුම ලේඛන ලැයිස්තුව කොන්සල් ජනරාල් කාර්යාලයේ වෙබ් අඩවියෙන් ඔයාට බලා ගන්න පුළුවන්.
සියලු ලේඛන කවුන්ටරයෙන්/තැපැල් මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට පෙර අයදුම්පතට අමුණන්න.
- Births, Deaths & Marriages Victoria, South Australia හෝ Tasmania විසින් නිකුත් කරන ලද මරණ සහතිකය
- මරණයට හේතුව සඳහන් කරන වෛද්‍ය සහතිකය/Department of Human Services විසින් නිකුත් කරන ලද සහතිකය
- මියගිය අයගේ උප්පැන්න සහතිකය
- මියගිය අයගේ වත්මන් විදේශ ගමන් බලපත්‍රය
- තොරතුරු දෙන්නාගේ ඥාතිත්වය පිළිබඳ සාක්ෂි (Ex; විවාහ සහතිකය, උප්පැන්න සහතිකය ආදිය)
- තොරතුරු දෙන්නාගේ වලංගු විදේශ ගමන් බලපත්‍රය.
- දේහය නැවත රටට ගෙන්වා ගැනීම/ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම තහවුරු කිරීම සඳහා ලේඛනමය සාක්ෂි: (උදා: Cargo receipt/ආදාහනය සහතික කිරීම හෝ භූමදාන ලියකියවිලි)