අද අපි කතා කරන්න හදන්නේ ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයේ ඉතා වැදගත් දෙයක් වෙන VET එහෙමත් නැත්නම් Vocational Education and Training ගැන. ඕස්ට්‍රේලියානු VET පාඨමාලා ඒ ඒ කර්මාන්තවල සිටින විශේෂඥයින් විසින් නිර්මාණය කර උගන්වනවා. ඒවා වෙළඳ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල විවිධ රැකියා භූමිකාවන් සිය ගණනක් සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ තාක්ෂණික කුසලතා සපයනවා.
රැකියාවල සාර්ථකත්වය සඳහා අදාළ ක්ෂේත්‍රය තුල ලබා තිබෙන අධ්‍යාපනය වැදගත් වෙනවා. VET පාඨමාලා විවිධ වෘත්තීන් සිය ගණනක් සඳහා අවශ්‍ය ප්‍රායෝගික කුසලතා සහ තාක්ෂණික සූදානම ලබා දෙනවා.
VET කියන්නේ මොකක්ද?
ඕස්ට්‍රේලියානු වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව එහෙමත් නැත්නම් vocational education and training (VET), ‘Technical and Vocational Education Training (TVET)’ සහ ‘skills training’ ලෙසත් හඳුන්වනවා. ඕස්ට්‍රේලියාවේ TAFE (Technical and Further Education) ආයතන VET හි ප්‍රධානතම අධ්‍යාපන සපයන්නන් වෙනවා.
ප්‍රධාන අධ්‍යයන ක්ෂේත්‍ර
VET පාඨමාලා පහත සඳහන් ක්ෂේත්‍රවලින් ලබා ගත හැකියි;
- Information Technology (It), Cyber Security and Computing
- Travel, Tourism, and Hospitality
- Business, Accounting, Management, and Entrepreneurship
- Engineering, Automation, and Technology
- Architecture, Planning, Building and Construction
- Agriculture, Horticulture and Agritech
- Legal Studies
- Automotive
- Health, Medicine, Psychology, and Laboratory Sciences
- Creative Industries, Fashion, and Design
VET ඉගෙනුම් අත්දැකීම
VET පාඨමාලා ප්‍රායෝගික සහ කුසලතා මත පදනම් වී ඇති අතර බොහෝ අධ්‍යයන ක්ෂේත්‍රවල, රැකියා සඳහා ස්ථානගත කිරීම් හෝ සේවා ස්ථාන පදනම් කරගත් ඉගෙනීම් ක්‍රියාවලියක් ඇතුළත් වෙනවා. ජාතික වශයෙන් පිළිගත් VET පාඨමාලා කර්මාන්ත විශේෂඥයින් විසින් නිර්මාණය කර උගන්වනු ලබන අතර ඒවා සපයනු ලබන ආයතන වන්නේ;
- රජයට අයත් technical and further education (TAFE) institutes
- ස්වාධීන registered training providers (RTOs)
- VET සහ උසස් අධ්‍යාපන වැඩසටහන් පිරිනමන ද්විත්ව අංශයේ විශ්ව විද්‍යාල