මේ කියන්න හදන්නේ ටිකක් අමුතු වැඩක් ගැන. ඒ වගේම පරිසරයේ තිරසාර සංවර්ධනයට දායක වෙන ගොඩක් හොඳ වැඩක් ගැන.
එදිනෙදා භාවිත කරලා ඉවත දමන දේවල් වලින් නැවත දේවල් ප්‍රතිනිර්මාණය කරන නිර්මාණකරුවන් එකතු වෙන තැනක් තමයි මේක. භාවිතයෙන් පසු අනවශ්‍ය දේවල් ඉවත දමනවා වෙනුවට ඒවා මිනිසුන්ට සහ පෘථිවියට වඩා හොඳ විසඳුම් බවට පරිවර්තනය කෙරෙන විදිහ ඔයාට මෙහිදී දැකබලා ගන්න පුළුවන්.
පරිසර විනාශයට හෙතුව් එන ඇසුරුම් වල සිට ඔබ ඉවත දමන ඇඳුම් වලින් කරපු නිපැයුම්, කෝපි වලින් සාදන ලද කොන්ක්‍රීට් සහ වාතය පිරිසිදු කරන තීන්ත දක්වා, පරිසරයේ අපද්‍රව්‍ය අඩු කරන, නිෂ්පාදනවල ආයු කාලය දීර්ඝ කරන නිපැයුම් ගණනාවකින් මෙම ප්‍රදර්ශනය සමන්විත වෙනවා.
සෞඛ්‍යයට අදාළ දේවල් වල සිට විලාසිතා, ගෘහ භාණ්ඩ, ආහාර සහ ඉදිකිරීම් දක්වා අප දිනපතා භාවිත කරන දේවල් නැවත නිර්මාණය කරන නවෝත්පාදනයන් රැසක් මේ මගින් ඉදිරිපත් කරනවා.
ලස්සන වගේම පරිසර හිතකාමී වස්තූන් හරහා, නිර්මානාත්මක ධනාත්මක වෙනසක් ඇති කළ හැකි ආකාරය මෙම ‘Making Good: Redesigning the Everyday’ හරහා ප්‍රදර්ශනය කරනවා. පාරිසරික වගකීමට ප්‍රමුඛත්වය දෙමින්, නිර්මාණකරණයේ ධනාත්මක පැතිකඩ දැකබලාගන්න ඔයත් Making Good ප්‍රදර්ශනය බලන්න එන්න.
අගෝස්තු 29 වන සිකුරාදා සිට පෙබරවාරි 1 වන දා දක්වා සෑම දිනකම උදෑසන 10 සිට සවස 5 දක්වා මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නේ. කලින් වෙන් කරවා ගැනීම් කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.
වැඩි විස්තර දැනගන්න
Tel: 03 8620 2222
Email: ngvenquiries@ngv.vic.gov.au
Web: https://www.ngv.vic.gov.au/exhibition/making-good/
10am – 5pm
The Ian Potter Centre: NGV Australia,
Russell St,
Melbourne 3000