යනවනම් ළඟම රටක් – දවසේ වියදම $30 යි

  • Home
  • /
  • Blog
  • /
  • යනවනම් ළඟම රටක් – දවසේ වියදම $30 යි

අඩු මුදලකින් වෙනත් රටකට travel කරන්න හිතන්  ඉන්න ඔයාට යන්න පුළුවන් හොඳම අග්නිදිග ආසියානු රටක් ගැන තමයි මේ කියන්න හදන්නේ. 

මේ තමයි කවුරුත් යන්න කැමති තායිලන්තය.

ලොව පුරා සංචාරකයින්ගේ ඉහළ ආකර්ෂණයක් දිනාගත් ගමනාන්තයක් වන තායිලන්තය බොහෝ දුරට ප්‍රසිද්ධ වෙන්නේ එහි සුන්දර දූපත් සහ වෙරළ තීරයන් සඳහායි. හරියටම යා යුතු ස්ථාන ගැන අවබෝධයෙන් යනවානම් මේක හොඳ ගමනාන්තයක්. Budget එක ගැන හිතන ඔයාට යන්න හොඳම උතුරු Chiang Mai ප්‍රදේශය. 

කුඹුරු, බෞද්ධ විහාරස්ථාන සහ කඳුකර ගෝත්‍ර මධ්‍යයේ ඔයාට හොඳම වටිනාකමක් ඇති නවාතැන් අතේ ඇති මුදලට ගැලපෙන විදිහට සොයා ගන්න පුළුවන්. ඔයාට backpacker dorm bed එකක් රාත්‍රියකට USD 6 සිට වගේම පහසුකම් සහිත ගුණාත්මක හෝටලයක් USD 35ක් පමණ මුදලකට සොයාගන්න පුළුවන්.

Backpacker කෙනෙක්ටනම් දවසට USD 30 ක වගේ budget එකක් තමයි යන්නේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දවසට USD 50-60 වගේ මුදලක් වැය වෙනවා. 

ඉතා සුන්දර වෙරළ තීරයන්, පෞරාණික විහාරස්ථාන වගේම street food වලටත් හොඳම තැනක් තමයි තායිලන්තය කියන්නේ. නොවැම්බර් සිට පෙබරවාරි දක්වා තමයි මෙහෙ peak season එක. අප්‍රේල් සිට ජුනි දක්වා වගේම ඔක්තෝම්බර් මාසයේදී shoulder season එක.

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025