ඔයාගේ Job Application එකට හොඳම Tips

  • Home
  • /
  • Blog
  • /
  • ඔයාගේ Job Application එකට හොඳම Tips

කලින් දවසක අපි කතා කළා job application එක සහ resume එක ලියන විදිහ. අද අපි බලමු ඒකට වැදගත් වෙන තවත් tips ටිකක් කෙටියෙන්.

  • රැකියාවට අයදුම් කරන ආකාරය පිළිබඳ උපදෙස් හෝ මාර්ගෝපදේශ ප්‍රවේශමෙන් කියවා ඒවා නිවැරදිව අනුගමනය කිරීමට වග බලා ගන්න.
  • ඔයාගේ application එක සහ resume එක හැකිතාක් සංක්ෂිප්තව තබා ගන්න. ඒ එකක් පිටු 1-2 කට පමණ සීමා කරන්න.
  • ඔයා දැනට කරන රැකියාව, ඔයාගේ work history එක හෝ විෂය බාහිර ක්‍රියාකාරකම් ඇසුරෙන්, ඔයාට තිබෙන කුසලතා සහ අත්දැකීම් අදාළ තනතුරට සෘජුවම සම්බන්ධ වන ආකාරය පැහැදිලි කරන්න.
  • ඔබගේ application එකේ අක්ෂර වින්‍යාස හෝ ව්‍යාකරණ දෝෂ නොමැති බව දෙතුන් වරක් පරීක්ෂා කරලා තහවුරු කරගන්න.

ඔයා අයදුම් කරන සමාගම ගැන දැන ගැනීම සහ ඔබ අයදුම් කර ඇති රැකියාව පිලිබඳ හොඳින් තේරුම් ගැනීම ඉතාම වැදගත්. මේ අනුව ඔයාට application එක වඩාත් හොඳින් සකස් කරගන්න පුළුවන්.

සෑම රැකියාවක්ම සහ ව්‍යාපාරයක්ම එකිනෙකට වෙනස් වෙනවා. ඒ නිසා ඔයාගේ application එක, එක් එක් රැකියාව සඳහා විශේෂයෙන් සකස් කිරීම අවශ්‍යයි. Employers හැම විටම ඔවුන්ගේ ව්‍යාපාරය සඳහා නිවැරදිවම ගැලපෙන අයෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා job description එක ප්‍රවේශමෙන් කියවලා අදාළ organisation එක ගැන research එකක් කර තිබීම ඉතාමත් වැදගත්.

Job application සහ resume පිළිබඳ වැඩිදුර උපදෙස් Workforce Australia website එකෙන් ලබාගන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025