ශ්‍රී ලාංකික හඬ ඔබ වෙත ගෙනෙන අපේම Radio එක

  • Home
  • /
  • Blog
  • /
  • ශ්‍රී ලාංකික හඬ ඔබ වෙත ගෙනෙන අපේම Radio එක

වසර 35 කට වැඩි කාලයක් බ්‍රිස්බේන් හි පිහිටි ගුවන් විදුලි නාලිකාවක් වන 4EB ගැන තමයි මේ කියන්න හදන්නේ. 

ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික ප්‍රජාව සංගීතය, ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් හා සම්බන්ධ කරන්න මෙම කණ්ඩායම වසර ගණනාවක් කැප වී සිටිනවා. එය ප්‍රාන්තයේ වඩාත්ම ජනප්‍රිය ශ්‍රී ලාංකික ගුවන් විදුලි විකාශනයක් බවට පත් වී තිබෙන්නේ ඒ නිසාමයි.

අරුණැල්ල ලෙස නම් කර ඇති වැඩසටහන, මෙම ගුවන් විදුලි නාලිකාවේ පැරණිතම වැඩසටහනක් වන අතර සෑම ඉරිදාවකම පෙ.ව. 9 සිට පෙ.ව. 10 දක්වා විකාශනය වෙනවා. පැයක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන අතරතුර, ඔබට කාලීන මාතෘකා පිළිබඳ විශේෂඥ අදහස් වලට සවන් දෙන්න වගේම ක්‍රීඩාව පුවත් වලට සහ මියුරු සන්ගීතයන්ට සවන් දිය හැකියි. සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 1980 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකා නිදහස් දිනයට සමගාමීව වැඩසටහන දියත් කළා.

Radio 4EB Sri Lankan Group එකේ සාමාජිකයින් වසර ගණනාවක් පුරා වෙනස් වී ඇතත්, වැඩසටහනේ සුපුරුදු ලෙන්ගතුකම තවමත් එලෙසම පවතිනවා. ක්වීන්ස්ලන්තයේ සිටින ශ්‍රී ලාංකික ඔබ සැම රසවත් කිරීම සඳහා  වත්මන් සාමාජිකයින් සතිපතා වැඩසටහන් ලිවීම, නිෂ්පාදනය කිරීම සහ විකාශනය කිරීම සිදු කරනවා. 

වර්තමානයේ මෙම කණ්ඩායමේ කැඳවුම්කරු ලෙස කුමාරසිංහ දිසානායක, ලේකම් ලෙස ලක්මිණි කීරවැල්ල සහ භාණ්ඩාගාරික ලෙස කසුන් කරුණාරත්න යන අය කටයුතු කරනවා.

Web:

https://4ebsrilankangroup.org/

https://www.4eb.org.au/

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025