මොකක්ද මේ Australia සහ Australasia?

  • Home
  • /
  • Blog
  • /
  • මොකක්ද මේ Australia සහ Australasia?

Australasia ව කියන්නේ Oceania උප කලාපයක් වන අතර එයට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය (පොලිනීසියාව සමඟ), සහ සමහර විට නිව් ගිනියාව සහ අවට දූපත් (මෙලනීසියාව සමඟ) ඇතුළත් වෙනවා. මෙම යෙදුම භූ දේශපාලනිකව, භෞතික භූගෝලීය වශයෙන්, භාෂා විද්‍යාත්මකව සහ පාරිසරික වශයෙන් ඇතුළු විවිධ සන්දර්භ ගණනාවක දී භාවිතා වන අතර, එහිදී මෙම යෙදුම තරමක් වෙනස් ආකාරයට අදාළ අවස්ථා වලදී භාවිත වෙනවා.

Charles de Brosses විසින් ‘Histoire des navigations aux terres australes’ (1756) යන යෙදුම (ප්‍රංශ Australasie ලෙස) නිර්මාණය කරා. ඔහු එය “ආසියාවේ දකුණ” යන තේරුම ඇතිව ලතින් භාෂාවෙන් ව්‍යුත්පන්න කළ අතර Polynesia සහ අග්නිදිග පැසිෆික් (Magellanica) ප්‍රදේශය වෙන්කර හඳුනා ගත්තා.

19 වන සියවසේ අගභාගයේදී, ඕස්ට්‍රේලියානු ජනපද එහෙමත් නැත්නම් ඕස්ට්‍රේලියානු colonies සඳහා මෙම යෙදුම භාවිත කරලා තිබෙනවා. මේ අර්ථයෙන් එය ආසියාවට දකුණින් පිහිටි බ්‍රිතාන්‍ය යටත් විජිතඅර්ථ දක්වලා තිබෙනවා. නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය, දකුණු ඕස්ට්‍රේලියාව, ටැස්මේනියාව, බටහිර ඕස්ට්‍රේලියාව, වික්ටෝරියා (එනම්, ඕස්ට්‍රේලියානු යටත් විජිත) සහ නවසීලන්තය මේවා අතර වෙනවා.

නවසීලන්ත ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය “Australasia” කියන යෙදුමට අර්ථ දෙකක් ලබා දෙනවා. ඉන් ඕස්ට්‍රේලියානු භාවිතයේ පවතින අර්ථකථනය වෙන්නේ “ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නිව්ගිනියාව සහ අසල්වැසි පැසිෆික් දූපත්” යන්නයි. අනෙක් අර්ථදැක්වීම විශේෂයෙන් නවසීලන්ත භාවිතයේ පවතින අතර එය ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පමණක් අර්ථ දක්වනවා. මේ ආකාරයට විවිධ අවස්ථා වලදී එය සුළු සුළු වෙනස්කම් සහිතව අර්ථ දක්වා තිබෙනවා.

නිව් ගිනියාව ද මෙලනීසියාවේ කොටසක් ලෙස සැලකෙනවා. ඊට හේතුව වෙන්නේ එම ප්‍රදේශයේ ආදිවාසී ජනගහනය වාර්ගික වශයෙන් මෙලනීසියානු වීමයි. නවසීලන්තය පොලිනීසියාවේ කොටසක් ලෙස සලකනු ලබන්නේ ස්වදේශික මාඕරි ජනගහනය වාර්ගික වශයෙන් පොලිනීසියානු වන නිසායි.

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025