මෙල්බර්න් නගරය ඊටම වෙන් වුණු නීති ක්‍රියාත්මක කරනවා. බලපත්‍රයක් අවශ්‍ය වන ක්‍රියාකාරකම් මොනවාද කියන එක මෙම නීති මගින් තීරණය වෙනවා.
පදිංචිකරුවන්ට විශේෂයෙන් බලපාන local laws දෙකක් තිබෙනවා. ඒවා තමයි; Environment Local Law සහ Activities Local Law
1978, Crown Land (Reserves) Act සහ 1994, Melbourne Parks and Gardens (Joint Trustee Reserves) Regulations යටතේ නියාමනයක් ද තිබෙනවා.
අද අපි බලමු මොකක්ද මේ පරිසර නීතිය කියල.
Environment Local Law
Environment Local Law 2024 එක හරහා Environment Management Plan එකට අනුව කළමනාකරණය කිරීම සිදු වෙනවා. මේවා ජනතාවගේ අවශ්‍යතා සහ මනාපයන් වඩාත් හොඳින් ඉටු කිරීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රමිතීන්.
පරිසර කළමනාකරණ සැලැස්ම මගින් ආවරණය වන පදිංචිකරුවන්ට බලපාන ක්‍රියාකාරකම් වෙන්නේ;
- අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය ගබඩා කිරීම සහ බැහැර කිරීම
- විවෘතව හා විවෘත ගිණි ගොඩවල් වල ද්‍රව්‍ය පුළුස්සා දැමීම
- ශබ්දය හෝ අහිතකර ගන්ධයන් සහ දුම ජනනය කිරීම
මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න කැමතිනම්
Melbourne City Council එකෙන් නිකුත් කරලා තියෙන Environment Local Law 2024 එක බලන්න: https://mvga-prod-files.s3.ap-southeast-4.amazonaws.com/public/2024-05/environment-local-law-2024.pdf