ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග යුද තත්ත්වය තවත් දරුණු අතට හැරී තිබෙනවා. මාධ්‍ය වාර්තා දක්වන්නේ පැය 48ක් කාලයක් තුළ හමාස් ඉලක්ක 150ක් වනසා දංඌ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) නිවේදනය කළ බවයි. ත්‍රස්තවාදීන් සිටින බව කියන මහල් ගොඩනැගිලි 25ක් බිම හෙළු බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Israel Katz පවසා තිබුණා.
ගාසා නගරයේ හදවතට ඊශ්‍රායල හමුදාවේ 98වන සේනාංකය ඇතුළු වුනු බව පවසමින් එරට හමුදා පැවසුවේ ඔවුන් නගරයේ හමාස් බලකොටුවලට පහර දෙන බවයි.
ගාසා වැසියන් පෙර දැනුම් දීම් පරිදි ඔවුන්ගේ ආරක්ෂාව සඳහා දකුණට ගමන් කළ බවත් මේ වන විට ලක්ෂ 4කර අධික ගාසා වැසියන් පලාගොස් ඇති බවත් ඊශ්‍රායල හමුදා පවසනවා.
මේ අතර ඊශ්‍රායලය සමග වෙළඳ ගිවිසුම් අත්හිටුවීමටත් හමාස් සංවිධානයට සම්බාධක පැනවීමටත් යුරෝපා සංගමය සූදානම් වෙනවා.
මෙම සම්බාධක සමානාත්මතාවෙන් තොර බව ඊශ්‍රායලය චෝදනා කරනවා.
මෙලෙස දිගින් දිගටම සිදුවන ඊශ්‍රායල ප්‍රහාර වලින් 65,062 ක් මියගොස් ඇති අතර 165,697 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. මේ මිය ගිය සහ තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් 50,000ක් පමණ සිටින බවයි UNICEF සංවිධානය පැවසුවේ.