බ්‍රහස්පතින්දා ආරක්ෂක කවුන්සිලයේ පැවති ඡන්ද විමසීමකින් පසුව, ගාසා තීරයේ ක්ෂණික, කොන්දේසි විරහිත සහ ස්ථිර සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඇමරිකා එක්සත් ජනපදය නැවත වරක් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
වටලනු ලැබූ භූමියේ පැතිර යන සාගතය සහ ගාසා නගරයේ සම්පූර්ණ පාලනය අත්පත් කර ගැනීම සඳහා ඊශ්‍රායල ප්‍රහාරයන් අඛණ්ඩව සිදුවන පසුබිමක, සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කවුන්සිලය සිය 10,000 වන රැස්වීම පැවැත්වූ අවස්ථාවේදී ඇමරිකාව මෙලෙස නිෂේධාත්මක ඡන්දය ප්‍රකාශ කරා.
හමාස් විසින් රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, මානුෂීය ආධාර වලට ඇතුළුවීම සඳහා ඇති සියලුම සීමාවන් ඉවත් කර ඒවා ජනතාවට ආරක්ෂිතව බෙදා හරින බව සහතික කරන ලෙසත් යෝජනාවෙන් ඉල්ලා සිටියා.
එක්සත් ජනපදය නිෂේධ බලය පැවරීමේ අයිතිය ඇති ස්ථිර කවුන්සිල සාමාජිකයන් පස් දෙනාගෙන් අයෙක්. ඡන්දයට පෙර අදහස් දක්වමින් නියෝජිත Morgan Ortagus ප්‍රකාශ කළේ හමාස් හෙළා දැකීමට හෝ ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය පිළිගැනීමට අපොහොසත් වන බැවින් වොෂින්ටනය මෙම යෝජනාවට විරුද්ධ වීම පුදුමයක් නොවනු ඇති බවයි.
Algeria, Denmark, Greece, Guyana, Pakistan, Panama, Republic of Korea, Sierra Leone, Slovenia සහ Somalia යන ස්ථිර නොවන සාමාජිකයින් 10 දෙනා විසින් මෙම කෙටුම්පත කවුන්සිලයට ඉදිරිපත් කර තිබෙනවා.
“මෙම යෝජනාව අද දින කවුන්සිලයේ 10,000 වන රැස්වීමේදී සම්මත කර නොගත්තද, මෙම කවුන්සිලයේ සාමාජිකයින් 14 දෙනෙකු පැහැදිලි පණිවිඩයක් යවා ඇත” යනුවෙන් ඩෙන්මාර්ක තානාපතිනි Christina Markus Lassen පැවසුවා.
“අපිට ක්ෂණික හා කල් පවතින සටන් විරාමයක්, සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කිරීම සහ මානුෂීය ආධාර සඳහා ඇති සියලුම සීමාවන් හදිසි ලෙස ඉවත් කිරීම දැකීමට අවශ්‍යයි. කොපමණ කවුන්සිල රැස්වීම් ගත වුවද අපි මේ සඳහා දිගටම කටයුතු කරනවා.”
2023 ඔක්තෝබර් 7 වන දින ගාසා යුද්ධය ආරම්භ වූයේ හමාස් සහ අනෙකුත් පලස්තීන සටන්කාමී කණ්ඩායම් ඊශ්‍රායලයට පහර දීමෙන් පසුවයි. එහිදී දළ වශයෙන් පුද්ගලයින් 1,200 ක් මිය ගොස් 250 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන ඇති අතර, 48 දෙනෙකු තවමත් වහල්භාවයේ පසුවෙනවා.
ආරක්ෂක මණ්ඩලය ප්‍රථම වරට පසුදා අර්බුදය සම්බන්ධයෙන් රැස්වූණා. එතැන් සිට, එක්සත් ජනපදය සටන් විරාමයක් ඉල්ලා සිටින තවත් යෝජනා හතරක් නිෂේධ කර ඇති අතර, මෑතම සිදුවීම වාර්තා වුණේ ජුනි මාසයේදීයි.
ගාසා සෞඛ්‍ය බලධාරීන්ට අනුව, ගැටුම් ආරම්භ වූ දා සිට පලස්තීනුවන් 65,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
සැප්තැම්බර් මාසය සඳහා දකුණු කොරියාව ආරක්ෂක කවුන්සිලයේ සභාපතිත්වය දරනවා.
ආරක්ෂක මණ්ඩලය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ආයතන හයෙන් එකක් වන අතර, මහා සභාව, ලේකම් කාර්යාලය, Economic and Social Council (ECOSOC), භාරකාරත්ව කවුන්සිලය සහ ජාත්‍යන්තර අධිකරණය (ICJ) එක්ව කටයුතු කරනවා.
ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා කවුන්සිලය මූලික වගකීම දරන අතර යෝජනා සහ තීරණ හරහා ක්‍රියාමාර්ග ගන්නවා. එය සාම සාධක මෙහෙයුම් ද ස්ථාපිත කරන අතර සම්බාධක පැනවීමේ හැකියාව තිබෙනවා.
චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන ස්ථිර සාමාජිකයන් පස් දෙනාට ඕනෑම යෝජනාවක් නිෂේධ කිරීමට අයිතියක් ඇති අතර ඔවුන් සියල්ලන්ම යම් කාලයකදී මෙම බලය ක්‍රියාත්මක කර තිබෙනවා.
වසර 80 කට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේදී ඔවුන්ගේ ප්‍රධාන භූමිකාවන් නිසා ස්ථිර සාමාජිකයින්ට නිෂේධ කිරීමට අයිතිය ලබා දී තිබෙනවා.
ස්ථිර නොවන සාමාජිකයින් 10 දෙනා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 කින් සමන්විත මහා සභාව විසින් තෝරා පත් කර ගනු ලබන අතර වසර දෙකක කාලයක් සේවය කරනවා.