16ට අඩු ළමයින් අල්ලන්න Instagram ගහන ගේම

  • Home
  • /
  • Blog
  • /
  • 16ට අඩු ළමයින් අල්ලන්න Instagram ගහන ගේම

වැඩිහිටි ගිණුමකට ප්‍රවේශ වීම සඳහා තම වයස ගැන බොරු කීමට උත්සාහ කරන ළමුන් හඳුනා ගැනීමට Instagram විසින් AI භාවිතා කිරීමට සූදානමින් සිටිනවා.

දෙසැම්බර් 10 වන දින වන විට වයස අවුරුදු 16 ට අඩු ළමයින් ඔවුන්ගේ social media platforms වලින් ඉවත් කළ යුතු නිසා මෙම පියවර අරගෙන තිබෙනවා.

මෙම හඳුනාගැනීමේ මෙවලම් සඳුදා සිට ක්‍රියාත්මක වන අතර ඇමරිකාවේ වෙළඳපොළවල මෙම තාක්‍ෂණය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් පසුව, AI ක්‍රියාකාරිත්වයට හසු වූ වයස අවුරුදු 18 ට අඩු අය Teen Account එකකට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩිහිටියෙකු වැරදීමකින් Teen Account එකකට ඇතුළත් කළහොත්, පරිශීලකයින් ඔවුන්ගේ settings තුළ ගිණුම් වර්ගය වෙනස් කළ යුතු බව Meta තහවුරු කර තිබෙනවා.

Meta හි කලාපීය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ Mia Garlick පැවසුවේ නව කාර්යයේ අරමුණ “ඉන්ස්ටග්‍රෑම් හි teens ලාට ආරක්ෂිත, වයසට ගැළපෙන අත්දැකීම් ඇති බව සහතික කිරීම” බවයි.

“අන්තර්ජාලය හරහා වයස තේරුම් ගැනීම සංකීර්ණ, කර්මාන්තය පුරා පැතිර ඇති අභියෝගයක්, විශේෂයෙන් මිනිසුන් ඔවුන්ගේ වයස කොපමණ දැයි වැරදි ලෙස නිරූපණය කරන්නේ නම්” ඇය පැවසුවා.

“පුද්ගලිකත්වය ආරක්ෂා කරන ආකාරයකින්, යමෙකු වයස අවුරුදු 18 ට අඩු හෝ ඊට වැඩි දැයි හඳුනා ගැනීමට හැකි වන පරිදි AI තාක්‍ෂණය යොදා ගැනීමට අපි වසර ගණනාවක් කටයුතු කර තිබෙනවා.”

සමාජ මාධ්‍ය වයස් තහනම යටතේ, වේදිකා ක්‍රියාකාරීව පවතින බාල වයස් ගිණුම් වැළැක්වීම, හඳුනා ගැනීම, අක්‍රිය කිරීම හෝ ඉවත් කිරීම සිදු කරනවා. නැතහොත් ඔවුන් ඩොලර් මිලියන 49.5 දක්වා වන දඩ මුදලකට ලක් වීමේ අවදානමක් තිබෙනවා.

කෙසේ වෙතත් නීති උල්ලංඝනය කරන ළමයින් සඳහා දෙමාපියන්ට සහ users ලාට දඬුවම් ලැබෙන්නේ නැහැ.

ඕස්ට්‍රේලියාවේ නායකත්වය අනුගමනය කරමින්, යුරෝපීය කොමිසමේ සභාපති Ursula von der Leyen පවසා ඇත්තේ තමන් සමාන ක්‍රියාමාර්ග සලකා බලමින් සිටින බවත්, ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කිරීම සමීපව නිරීක්ෂණය කරන බවත්ය.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025