$475 කින් වැඩි වන වතුර බිල

  • Home
  • /
  • Lifestyle
  • /
  • $475 කින් වැඩි වන වතුර බිල

සිඩ්නි නගරවාසීන් සඳහා ඉදිරි වසර පහ තුළ ජල බිල්පත $475 කින් ඉහළ යාමට නියමිතයි.

Sydney Water විසින් මිල ඉහළ නැංවීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් වසරකට පමණ පසු, ඔක්තෝබර් 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිත මිල ඉහළ දැමීම්, Independent Pricing and Regulatory Tribunal (IPART) විසින් අඟහරුවාදා ලබා දී තිබුණා.

මෙම තීරණය මඟින් සිඩ්නි හි සාමාන්‍ය ගෘහස්ථ ජලය සහ අපජල බිල්පත ඊළඟ වසර තුළ $168 කින් සහ පසුව 2030 දක්වා වසරකට $77 කින් ඉහළ යනු ඇත.

IPART හි අවසාන තීරණය මගින් ඉදිරි වසර 5 සඳහා වාර්ෂිකව 11.8% ක මිල ඉහළ යාමක් (උද්ධමනය ඇතුළුව) ලබා දුන් අතර, නියාමකයා පැවසුවේ එය පසුගිය වසරේ Sydney Water විසින් ඉදිරිපත් කරන ලද මුල් යෝජනාව ලිහිල් කිරීමක් බවයි.

“අපි නියම කර ඇති නව උපරිම මිල ගණන් වලින් අදහස් වන්නේ සාමාන්‍ය ගෘහස්ථ බිල්පත ඉහළ ගියත්, එය 2025-26 දී Sydney Water විසින් යෝජනා කරන ලද ප්‍රමාණයට වඩා $84 කින් අඩු බවයි” යනුවෙන් IPART ප්‍රකාශයක් දක්වා තිබුණා.

“2029-30 වන විට, සාමාන්‍ය බිල්පත Sydney Water විසින් යෝජනා කරන ලද ප්‍රමාණයට වඩා  $218 ක් අඩු වනු ඇත.

“උපරිම මිල ගණන් වැඩිවීමෙන් පිළිබිඹු වන්නේ සිඩ්නි හි වර්ධනයට සමගාමීව සේවා සහ යටිතල පහසුකම් සැපයීමට, සමාජීය හා පාරිසරික කාර්ය සාධනය පිළිබඳ ප්‍රජා අපේක්ෂාවන් සපුරාලීමට සහ පාරිභෝගිකයින්ට වටිනාකමක් ලබා දීමට Sydney Water ට අවශ්‍ය ආදායම වැඩි වී ඇති බවයි”.

Tribunal Chair, Carmel Donnelly පැවසුවේ මෙම වෙනස්කම් මගින් ජල යටිතල පහසුකම් සහ සේවාවන්ට ප්‍රජා අපේක්ෂාවන් සපුරාලීමට හැකි වනු ඇති බවයි.

ඇය තවදුරටත් පැවසුවේ මෙම වැඩි කළ බිල්පත් ජීවන වියදම පීඩනයට ලක් කල හැකි අතර සමහර ගනුදෙනුකරුවන්ට අභියෝගාත්මක විය හැකි බවයි.

“සියලුම health care card සහ low income health care card holders ලා ඇතුළත් වන පරිදි ජල බිල්පත් වට්ටම් සඳහා සුදුසුකම් පුළුල් කිරීමට IPART රජයට නිර්දේශ කර තිබෙනවා.” යනුවෙන්ද ඇය පැවසුවා.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025