ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා නිකුත් කරන ලද ඇතැම් කාණ්ඩවල ලෝහ සොයා ගැනීමෙන් පසු ජනප්‍රිය ප්‍රෝටීන් ස්නැක්ස් වර්ග කිහිපයක් ආපසු කැඳවා තිබෙනවා.
Australia’s food standards authority එක පසුගිය ඉරිදා සහ සඳුදා දිනවල Tasti විසින් නිෂ්පාදනය කරන ලද Smooshed Wholefood සහ Protein balls සහ Aldi, Made Real wholefood balls වල රට පුරා batches කිහිපයක ලෝහ සොයා ගැනීමෙන් පසු ඒ සඳහා ආපසු කැඳවීමේ නිවේදන දෙකක් නිකුත් කළා.
ඔවුන්ගේ නිෂ්පාදන සඳහා භාවිත කරන ආනයනික අමුද්‍රව්‍ය වලින් මෙලෙස සිහින් ලෝහ හමු වීමට පෙර මෙම Tasti health snacks රට පුරා Coles සහ Woolworths stores වලින් ලබා ගත හැකි වුණා.
“අපගේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි, එබැවින් අපි නිශ්චිත ranges වල සමහර නිෂ්පාදන ආපසු කැඳවා ඇති අතර නිෂ්පාදනය බැහැර කරන ලෙස පාරිභෝගිකයින්ට උපදෙස් දෙනවා” යනුවෙන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
බලපෑමට ලක් වූ නිෂ්පාදන සඳහා best-before dates ලෙස news.com.au වෙබ් අඩවිය දක්වා ඇත්තේ;
- Smooshed Cacao Brownie Wholefood Balls 69g – 17 JUL 26
- Smooshed Berry Cashew & Cacao Wholefood Balls 69g – 07 JUL 26
- Smooshed Peanut Butter & Caramel Wholefood Balls 69g – 21 MAY 26, 26 MAY 26, 26 JUN 26 and 01 JUL 26
- Smooshed Cacao Brownie Wholefood Balls Tub 207g – 11 AUG 26
- Smooshed Peanut Butter & Caramel Wholefood Balls Tub 207g – 04 AUG 26
- Smooshed Dark Cacao Brownie Protein Balls Tub 174g – 14 MAY 26
- Smooshed Raspberry Brownie Protein Balls Tub 174g – 22 MAY 26
ආහාර ප්‍රමිති නිරීක්ෂණ ආයතනය එම විශේෂිත ආපසු කැඳවීම නිකුත් කිරීමෙන් දිනකට පසුව, Aldi විසින් විකුණන ලද wholefood balls වල ලෝහ තිබීමේ හැකියාව පිළිබඳව තවත් අනතුරු ඇඟවීමක් නිකුත් කළා.
මේ අවස්ථා 2ම එකිනෙකට සමාන හා සම්බන්ධ ද යන්න තවම පැහැදිලි නෑ.
NSW, ACT, Vic, Queensland, SA සහ WA හි Aldi වෙළඳසැල් වල මෙම Made Real range එකේ wholefood snacks අලෙවියට තබා තිබුණා.
Food Standards Australia පැවසුවේ පාරිභෝගිකයින් නිෂ්පාදනය අනුභව නොකළ යුතු බව සහ එම නිෂ්පාදනය store එකට ආපසු ලබා දීමෙන් පසු සම්පූර්ණ මුදල් ආපසු ගෙවන බවයි.
ඔවුන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන ඕනෑම පාරිභෝගිකයෙකු වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවත් දක්වා තිබුණා.
news.com.au වෙබ් අඩවිය දක්වන ආකාරයට පහත සඳහන් නිෂ්පාදන එම දූෂකයෙන් බලපෑමට ලක් විය හැකියි;
- Made Real Wholefood Balls Cashew, Cocoa & Berry Flavoured 69g – 03JUL26, 04JUL26, 15JUL26, 16JUL26
- Made Real Wholefood Balls Peanut Butter & Caramel Flavoured 69g – 16APR26, 17APR26, 20MAY26, 21MAY26, 09JUL26, 10JUL26
- Made Real Wholefood Balls Cashew, Cocoa & Berry Flavoured 184g – 03SEP26, 04SEP26
- Made Real Wholefood Balls Peanut Butter & Caramel Flavoured 184g – 19MAY26, 21MAY26, 05AUG26, 06AUG26, 05SEP26