ලෝකේ ලොකුම bitcoin අපරාධකාරිය අල්ලයි.

  • Home
  • /
  • News
  • /
  • ලෝකේ ලොකුම bitcoin අපරාධකාරිය අල්ලයි.

ලොව විශාලතම cryptocurrency seizure එක ලෙස සැලකෙන, පවුම් බිලියන 5කට (USD බිලියන 6.7) අධික වංචාවක ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු වරදකරු කර තිබෙනවා.

Yadi Zhang ලෙසද හැඳින්වෙන Zhimin Qian නමැති කාන්තාව, සඳුදා ලන්ඩනයේ Southwark Crown උසාවියේදී cryptocurrency නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගත්තා.

2014 සහ 2017 අතර, ඇය වින්දිතයින් 128,000 කට වැඩි පිරිසක් රවටා සොරකම් කරන ලද අරමුදල් bitcoin වත්කම්වල ගබඩා කිරීමෙන් චීනයේ මහා පරිමාණ වංචාවකට නායකත්වය දුන් බව Metropolitan පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ගෝලීය මුදල් විශුද්ධිකරණ ජාලයක් පිළිබඳ වසර හතක විමර්ශනයකින් පසුව 47 හැවිරිදි ඇයගේ වරද පිළිගැනීම සිදු වූ බව Met ආයතනය පැවසුවා.

Qian ගෙන් බිට්කොයින් 61,000ක් අත්අඩංගුවට ගත් බව Met ආයතනය පවසනවා. අපරාධ වත්කම් මාරු කිරීම පිළිබඳ ඔත්තුවක් ලැබීමෙන් පසු 2018 දී විමර්ශනය ආරම්භ වී තිබෙනවා.

Qian අත්අඩංගුවට ගන්නතුරු වසර පහක් තිස්සේ යුක්තිය මගහැර සිටි අතර, ඒ සඳහා බහු අධිකරණ බල ප්‍රදේශ සම්බන්ධ සංකීර්ණ පරීක්ෂණයක් අවශ්‍ය වූ බව Met විමර්ශනයට නායකත්වය දුන් රහස් පරීක්ෂක සැරයන් Isabella Grotto පැවසුවා.

ඇය ව්‍යාජ ලියකියවිලි භාවිතා කරමින් චීනයෙන් පලා ගොස් එක්සත් රාජධානියට ඇතුළු වූ අතර එහිදී දේපළ මිලදී ගැනීමෙන් සොරකම් කළ මුදල් විශුද්ධිකරණය කිරීමට උත්සාහ කර තිබෙනවා.

අවන්හලක ඉහළ මාලයේ ජීවත් වෙමින් සිටි 44 හැවිරිදි Wen, වංචාවෙන් ලැබුණු මුදල් විශුද්ධිකරණය කර, උතුරු ලන්ඩනයේ පවුම් මිලියන ගණනක කුලියට ගත් නිවසකට මාරු වූ බව Crown Prosecution Service (CPS) මේ වසර මුලදී පවසා තිබුණා.

ඇය ඩුබායි හි දී ද පවුම් 500,000 කට වඩා වටිනා දේපළ දෙකක් මිලදී ගත් බව CPS පැවසනවා.

Wen කියා සිටියේ ඇය චීනයෙන් සේවායෝජකයෙකු සඳහා දේපළ මිලදී ගත් බවයි. නමුත් CPS පැවසුවේ විශාල bitcoin ප්‍රමාණයක් සහ ඇය එය ලබා ගත් ආකාරය පිළිබඳ සාක්ෂි නොමැතිකම එය අපරාධ මූලාශ්‍රයකින් බව පෙන්නුම් කරනවා.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025