මානව පරිණාමයේ ඉතිහාසය වෙනස් කළ ආසියානුවා

  • Home
  • /
  • Blog
  • /
  • මානව පරිණාමයේ ඉතිහාසය වෙනස් කළ ආසියානුවා

වසර මිලියන ගණනක් පැරණි හිස් කබලක ඩිජිටල් ප්‍රතිනිර්මාණයකින් අලුත් සොයාගැනීමක් කර තිබෙනවා. එයින් ඇඟවෙන්නේ අපේ පුරාණ මුතුන් මිත්තන් කලින් සිතුවාට වඩා වසර 400,000 කට පෙර සිට පැවත එන බව.

කලින් සිතා සිටියේ ඔවුන් අප්‍රිකාවෙන් ආ බව වුනත් අලුත් සොයාගැනීම කියන්නේ ඔවුන් ආසියාවේ සිට අපසරණය වී ඇති බවයි.

මෙම සොයාගැනීම් පදනම් වී ඇත්තේ 1990 දී චීනයෙන් සොයා ගන්නා ලද තලා දැමූ හිස් කබලක ප්‍රතිනිර්මාණයක් මතයි. මේ මගින් මානව පරිණාමයේ දිගුකාලීන අවුල් සහගත තැන විසඳීමට හැකියාව ඇති බව පර්යේෂකයෝ පවසනවා.

නමුත් කාර්යයට සම්බන්ධ නොවූ විශේෂඥයින් මෙම සොයාගැනීම් මතභේදයට තුඩු දිය හැකි බවට අනතුරු ඇඟවූ අතර මානව පරිණාමයේ කාලරාමුවෙහි ඇති අඛණ්ඩ අවිනිශ්චිතතාවයන් පෙන්වා දුන්නා.

Yunxian 2 ලෙස නම් කරන ලද මෙම හිස් කබල, Homo erectus නම් මානව පූර්වගාමියෙකුට අයත් යැයි කලින් විස්වාස කළා. නමුත් නවීන ප්‍රතිනිර්මාණ තාක්ෂණයන් මගින් මානව පරිණාමයේ පසු කාලීනව පමණක් පැවති බවට කලින් සිතා සිටි විශේෂවලට සමීප ලක්ෂණ අනාවරණය වුණා. එයට මෑතකදී සොයාගත් Homo longi සහ අපේම Homo sapiens ද ඇතුළත්.

ලන්ඩන් Natural History Museum හි මානව විද්‍යාඥ Chris Stringer පැවසුවේ වසර මිලියනයකට පෙර, අපේ මුතුන් මිත්තන් වෙනස් කණ්ඩායම් වලට බෙදී ගොස් ඇති බව සහ, කලින් විශ්වාස කළ ප්‍රමාණයට වඩා බොහෝ කලින් සහ සංකීර්ණ මානව පරිණාමීය භේදයක් පෙන්නුම් කරන බවයි. 

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025