චීන පෙම්වතිය නිසා රැකියාවෙන් ඉවත් කළ ඇමරිකානු නිලධාරියා

  • Home
  • /
  • Gossips
  • /
  • චීන පෙම්වතිය නිසා රැකියාවෙන් ඉවත් කළ ඇමරිකානු නිලධාරියා

චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සබඳතා ඇති චීන කාන්තාවක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ බවට පිළිගත් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සේවයෙන් පහ කළ බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව බදාදා ප්‍රකාශ කළා.

Biden පරිපාලනය යටතේ පසුගිය වසරේ අගභාගයේදී හඳුන්වා දුන්, එවැනි සබඳතා සඳහා වූ තහනමක් උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම සේවයෙන් පහ කිරීම සිදු කර ඇති අතර මෙවැනි ආකාරයේ දෙයක් සිදු වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙනවා.

Democrat Joe Bidenගේ ජනාධිපති ධුර කාලය අවසන් වෙමින් පවතින විට, චීනයේ සිටින සියලුම ඇමරිකානු රජයේ නිලධාරීන්ට මෙන්ම පවුලේ සාමාජිකයින්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට චීන පුරවැසියන් සමඟ කිසිදු ආදර හෝ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීම තහනම් කිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කළ බව Associated Press වාර්තා කළා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් Marco Rubio නඩුව සමාලෝචනය කර “චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ දන්නා සබඳතා ඇති චීන ජාතිකයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් සඟවා ගත් බව පිළිගත්” බව තීරණය කිරීමෙන් පසු අදාළ රාජ්‍ය තාන්ත්‍රිකයා විදේශ සේවයෙන් නෙරපා හරින ලද බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක Tommy Pigott නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

“ලේකම් Marco Rubio ගේ නායකත්වය යටතේ, අපේ රටේ ජාතික ආරක්ෂාව අඩපණ කරන ඕනෑම සේවකයෙකු සඳහා අපි ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යනවා” යනුවෙන් Tommy Pigott පැවසුවා.

ප්‍රකාශයේ රාජ්‍ය තාන්ත්‍රිකයා කවුද යයි නොපැවසූ නමුත්, ඔහු සහ ඔහුගේ පෙම්වතිය conservative firebrand එකක් වන James O’Keefe විසින් අන්තර්ජාලයට නිකුත් කල රහසිගතව රූගත කරන ලද වීඩියෝවක සටහන්ව තිබුණා.

බීජිංහිදී, චීන රජයේ ප්‍රකාශකයෙකු, දේශීය එක්සත් ජනපද ගැටලුවක් යනුවෙන් ඔහු පැවසූ දෙය පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර සිටියා. “නමුත් දෘෂ්ටිවාදාත්මක වෙනස්කම් මත පදනම්ව ඉරි ඇඳීමට සහ ද්වේෂ සහගත ලෙස චීනයට මඩ ගැසීමට අපි විරුද්ධ බව මම අවධාරණය කිරීමට කැමතියි” යනුවෙන් විදේශ අමාත්‍යාංශයේ Guo Jiakun පවසා තිබුණා.

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025