දියමන්ති 3000ක් ඇල්ලූ අමබානිගේ Birkin එක

  • Home
  • /
  • Gossips
  • /
  • දියමන්ති 3000ක් ඇල්ලූ අමබානිගේ Birkin එක

Silver sequin සාරියකින් සැරසී මනීෂ් මල්හෝත්‍රාගේ දීපවාලි උත්සවයට පැමිණි නීටා අම්බානි ලොව පුරා මාධ්‍ය වල අවධානය දිනා ගත්තා. ඊට හේතුව වූයේ අන් කිසිවක් නොව ඇය රැගෙන ආ ඩොලර් මිලියන 2 ක් වටිනා Hermès Birkin bag එකයි. මෙය ලොව මිල අධිකම bag මෝස්තරයක් වන Hermès Birkin වලත් අධිකම වටිනාකමක් ඇති Sac Bijou ලෙස හැඳින්වෙන bag එකක්.

ඔක්තෝබර් 12 වන දින මුම්බායි හි ඔහුගේ නිවසේ පැවති මනීෂ් මල්හෝත්‍රාගේ සුප්‍රසිද්ධ මහා දීපවාලි උත්සවයට මෙලෙස නීටා අම්බානි මහත්මියත් සහභාගී වී සිටියා.

Sequinned වලින් design කරන ලද Manish Malhotra saree එක සහ විශාල ප්‍රමාණයේ emerald කරාබු අන්තර්ජාලය මවිතයට පත් කළත්, සැබෑ අවධානය එල්ල වූයේ Hermès හි වඩාත් ජනප්‍රිය බෑගය වන Birkin හි bejewelled reincarnation එක වන Sac Bijou වෙතයි.

Sotheby’s දක්වන ආකාරයට නීටා අම්බානි රැගෙන ආ මෙම දුර්ලභ Hermès බෑගය, දුර්ලභ Sac Bijou බෑගය වන අතර එය ලොව මිල අධිකම Hermès Birkin බෑගයයි. ලෝකයේ Sac Bijou Birkins 3ක් පමණක් පවතින අතර, ඒ සෑම එකක්ම USD මිලියන 2 ක මිලක් වෙනවා.

සුඛෝපභෝගී විලාසිතා Instagram page එකක් වන Three Over Six දක්වන ආකාරයට, මෙම සුවිශේෂී handbag එක 18k ඝන සුදු රත්තරන් වලින් ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කර ඇති අතර දිදුලන දියමන්ති 3,025 කින් සරසා තිබෙනවා. කැරට් 111.09 ක මුළු බරකින් යුත් මෙම Birkin එක accessory එකක් පමණක් නෙවෙයි. මෙම classic Birkin silhouette එක wearable art එකක් ලෙසද ගන්න පුළුවන්.

එය handbag එකක් ලෙස නොව, bracelet එකක් ලෙස භාවිතා කිරීමේ අදහස ඇතිව එම Sac Bijou නිර්මාණය කරන ලද්දේ Hermès හි සියුම් ආභරණ නිර්මාණ අධ්‍යක්ෂ Pierre Hardy විසින්. එය 2012 දී නිකුත් කරන ලද design එකක්. බෑගයේ top flap එක කිඹුල් සමට සමාන වන පරිදි සාදන ලද අතර, body එක, top handles, touret, Cadena lock එක සහ clochette දියමන්ති වලින් ආවරණය කර තිබෙනවා.

නීටා අම්බානි මෙම උත්සවයේදී හැඳ සිටියේ මනීෂ් මල්හෝත්‍රාගේ signature collection එකේ sequin saree එකකින් නීටා අම්බානි සැරසී සිටියා. ඒ වගේම ඇගේම පෞද්ගලික එකතුවෙන් ලබාගත් විශිෂ්ට ආභරණ වලින්ද අලංකාර වී සිටියා. දුර්ලභ හදවත් හැඩැති කොලොම්බියානු emerald කරාබු සහ අලංකාර emerald සහ දියමන්ති බ්‍රේස්ලට් එකක් ද ඊට එක්ව තිබුණා.

Image credit: https://thedailyguardian.com 

Don't forget to share this post!

Recent Posts

502
October 17, 2025