ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය මූලික දැනුම ඔයාට අරගෙන ආවා වගේම අපි පොරොන්දු වුණා ව්‍යාපාරයේ ආරක්ෂාවට අවශ්‍ය හැමදේමත් ප්‍රධාන පියවර 7ක් යටතේ කතා කරනවා කියලා.
ඒවා තමයි;
- අවදානම් කළමනාකරණය
- Cyber ආරක්‍ෂාව
- මූල්‍යමය ආරක්‍ෂාව
- Brand එක සහ business එකේ කීර්තිනාමයේ ආරක්‍ෂාව
- නීති අනුගමනය කිරීම
- Business එකේ සේවකයන්ගේ ආරක්‍ෂාව
- හදිසි අවස්ථාවන් සඳහා සූදානම් වීම
ඉතින් අද අපි බලමු මේ පලවෙනිම දේ වෙන අවදානම් කළමනාකරණය, එහෙමත් නැත්නම් Risk Management ගැන.
ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කළාට පසුව අනිවාර්යයෙන්ම එයට බලපාන අවධානම් රැසක් තිබෙනවා. ඒ නිසා අපි මේ අවධානම් වලට මුහුණ දෙන්න හොඳින් සූදානම් වෙලා ඉන්න එක වගේම ඒවා කළමනාකරණය කරන එකත් ඉතාම වැදගත්.
අවදානම් කළමනාකරණය
ඔයාගේ ව්‍යාපාරයට ඇති ප්‍රධාන අවදානම් හඳුනාගෙන ඒවා කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්න විදිහ ගැනයි අපි මේ යටතේ කතා කරන්නේ.
1 . ඔබේ ව්‍යාපාරයට ඇති අවදානම් තේරුම් ගන්න
ව්‍යාපාරයට තිබෙන අවධානම් මොනවද කියලා තේරුම්ගන්න එක තමයි අවධානම් අඩු කරගන්න කල යුතු 1වෙනි දේ. ඔයාගේ ව්‍යාපාරයට අහිතකර ලෙස බලපාන ඕනෑම දෙයක් ව්‍යාපාර අවදානමක් කියලා සලකන්න පුළුවන්.
උදාහරණ විදිහට;
- වැඩ කරන ස්ථානයේ ඇති සෞඛ්‍ය සහ ආරක්ෂක ගැටළු
- ස්වාභාවික විපත් සහ හදිසි අවස්ථා
- ආර්ථික තත්වයන්
- රාජ්‍ය රෙගුලාසි
- තාක්ෂණික ගැටළු හෝ cyber ආරක්ෂක ගැටළු
- නීතිමය ගැටළු
- අපරාධ ක්‍රියාකාරකම්
- negative reviews හෝ මාධ්‍ය ආවරණ
- කාර්ය මණ්ඩල ගැටළු
අනපේක්ෂිත සිදුවීම් නිසා ඔයාගේ business එකට වෙන බලපෑම අවම කිරීමට අවදානම් ගැන අවබෝධ කර ගැනීම සහ කළමනාකරණය කිරීම ඉතාම වැදගත්. එක පිරිවැය අඩු කර ගන්න වගේම ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය සමඟ ඔයාගේ තිබෙන සබඳතා වැඩිදියුණු කිරීමටත් උදව් වෙනවා.
ඉතින් මේ ගැන සලකා බැලුවම ව්‍යාපාරයේ අවධානම් කළමනාකරණය යටතේ ඔයාගේ checklist එකට එකතු වෙන 1වෙනි දේ තමයි;
- ව්‍යාපාර අවදානම් වල ප්‍රධාන වර්ග සහ ඔබ ඒවා කළමනාකරණය කළ යුත්තේ ඇයිදැයි තේරුම් ගන්න