කලින් article එකකින් අපි කතා කළා ඕස්ට්‍රේලියාවේ සිට විවාහයක් ලියාපදිංචි කරන්න සපුරාලිය යුතු සුදුසුකම් මොනවද කියන එක වගේම විවාහයක් ලියාපදිංචි කරන්න අයදුම් කරන ආකාරය ගැන.
ඕස්ට්‍රේලියාවේ විවාහයක් Register කරන්න අවැසි සුදුසුකම්: https://sannasa.com.au/archives/9600
ඕස්ට්‍රේලියාවේ සිටම විවාහය ලියාපදිංචි කරමු: https://sannasa.com.au/archives/9696
මේ කලින් articles 2දිම අපි කිව්වා Notice of Marriage ගැන. අද කතා කරන්නේ ඒ ගැන.
Notice of Marriage
Notice of Marriage සහ Declaration එක විවාහය ලියාපදිංචි කිරීමට අවම වශයෙන් දින දහහතරකට (14) පෙර ඉදිරිපත් කළ යුතුයි. objections එහෙමත් නැත්නම් විරෝධතා ඇත්නම් දැනුම් දීමට, විවාහ දැන්වීම දින 14ක් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරනවා.
විවාහ දැන්වීම (Notice of Marriage), ඉදිරිපත් කළ දින සිට දින 90ක් (මාස 3ක්) සඳහා පමණක් වලංගු වෙනවා. එම කාලය තුළ ඔයාගේ විවාහය ලියාපදිංචි නොකළහොත්, අවශ්‍ය සියලුම ලියකියවිලි සමඟ විවාහ දැන්වීම නැවත ඉදිරිපත් කිරීමට ඔයාට සිදුවෙනවා. මෙවැනි අවස්ථාවක පෙර විවාහ දැන්වීම සඳහා ගෙවූ මුදල ආපසු ගෙවන්නේ නැහැ.
Notice of Marriage සහ Declaration forms ඔයාට www.slcgmel.org/registration-of-marriage යන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිල වෙබ් අඩවියෙන් download කරගන්න පුළුවන්.