බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් – 150 කට තුවාල

බංග්ලාදේශයේ කුල්නා ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලයක ඇතිවු ගැටුමකින් සිසුන් 150 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.  විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ කැඳවා ඇති බවද සඳහන් ය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය […]

චමරි අතපත්තු කාන්තා ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් ඉවත්වීමේ තීරණයක්

ඉන්දියාවේ මේ වන විට පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තරගාවලියේ අවසන් අදියරට පෙර ඉන් ඉවත්වීමට නියමිත බව වාර්තා වේ.  චමරි අතපත්තු මෙම තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් එම කණ්ඩායම සමඟ එක්වීමට බව […]

මෙල්බර්න් පෞද්ගලික පාසලක සිසුවෙකු ඔරු පැදීමේ පුහුණුවක් අතරතුර ඇද වැටී මිය යයි.

මෙල්බර්න් පෞද්ගලික පාසලක 12 වසරේ සිසුවෙකු ඔරු පැදීමේ පුහුණුවක් අතරතුර ඇද වැටී මිය ගොස් ඇත. මෙල්බර්න් Grammar student Ed Millear ඊයේ මෙල්බර්න් CBD හි යාරා ගඟ අසල බෝට්ටු පැදීමක් අතරතුර  ඇද වැටී මියගොස් ඇති අතර  වෛද්‍යවරුන් එම ස්ථානයට කැඳවා සිසුවා රෝහල් ගත කළද වික්ටෝරියා පොලිසිය පවසන්නේ  සිසුවා අද උදෑසන රෝහලේදී  මිය ගිය බවයි.

ඉන්දීය යුද හමුදාව සහ ජපාන යුද හමුදාව ෆුජී කඳුවැටියේ දින 13ක හමුදා අභ්‍යාසමාලාවක්

ඉන්දීය යුද හමුදාව සහ ජපාන යුද හමුදාව අතර එරට ෆුජී කඳුවැටියේ දින 13ක හමුදා අභ්‍යාසමාලාවක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ලබන 25 වැනිදා ඇරැඹෙන එම හමුදා අභ්‍යාසමාලාව ලබන මාර්තු මස 9 වැනිදා දක්වා පැවැත්වෙන බව ද සඳහන් ය. දෙරටේ යුද හමුදා අතර 6 වැනි වරටත් පැවැත්වෙන මෙම  අභ්‍යාසමාලාවට එක්සත් ජාතීන්ගේ විධිවිධාන යටතේ ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් […]

සීලියා සුළි කුණාටුව බටහිර වෙරලබඩ ප්‍රදේශවලට වර්ෂාපතනය ගෙන එයි.

Eastern Australia වට බලපෑම් කළ  නිවර්තන සුළි කුණාටුවක් වන සීලියා, බටහිර ඕස්ට්‍රේලියාවට වර්ෂාපතනයක් ගෙන එයි. නිවර්තන සුළි කුණාටුවක් වන සීලියා, බටහිර ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් සහ ගංවතුර අනතුරු ඇගවීම් නිකුත් කර  තිබේ.  සුළි කුණාටුවෙන් වඩාත් බලපෑමට ලක් වූ Pilbara  කලාපයේ නගරවලින් එකක් වන Port Hedland  හි  De Grey ගංගා ජල පෝෂක ප්‍රදේශය සඳහා ප්‍රධාන […]